ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන අරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් රටේ පාලන බලය ලබාගෙන යළි මේ රට නගාසිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අළුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ ආරම්භ කිරීම සඳහා ඊයේ (19) දින පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට මේ රටේ දැවැන්තම ප්‍රබලම දේශපාලන පක්ෂය බවට පත්වෙලා. වසර එකහමාරක් වැනි කෙටි කාළයක් තුළ වැඩිම ජනතා නියෝජිතයින් පිරිසක් සිටින පක්ෂය බවට පත්වෙලා ඒක නිසා වගකීම් වැඩිවෙලා. ගහක අස්වැන්න වැඩිවුණාම අතු නැමෙනවා. ඒ වගේ අපේ දේශපාලන පක්ෂයත් බර වැඩිවුණා කියලා ආඩම්බර වෙන්නේ නැතුව බොහොම නිහතමානීව වැඩ කරනවා.

අෙප් ජයග්‍රහණෙය් ප්‍රධාන සාධක දෙකක් තිබෙනවා. එකක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අනෙක් එක අපේ පාක්ෂිකයෝ.

අපේ පක්ෂයේ එකම පරමාර්ථය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මේ රටේ පාලන බලය ලබාගැනීම අපව කොටවන්න, අපව බේදකරන්න, අපව ඈත් කරවන්න යම් යම් කොටස් උත්සාහ කරාවි. ඒවාට අපි අහුවෙන්නේ නැහැ. අපේ ඉලක්කයට අපි යනවා.

මේ විකාර අළුත් මැතිවරණ ක්‍රමය අනුව පසුගිය නොවැම්බර් මාසයේ ආරම්භවුණු පළාත් පාලන මැතිවරණය පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශිය සභාවේ බලය පිහිටෙව්වාට පසුව ඊයේ තමයි අවසන් වුණේ. පළාත් පාලන ආයතන 200 කට වැඩි ප්‍රමාණයකට වඩාබලය පිහිටුවන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි 13 ලක්ෂයෙන් දස ලක්ෂයක් පමණ මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වී තිබෙනවා. ඒක පෙබරවාරි 11 වැනිදාම සිදුවුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමති බීජයෙන් බිත්තර වී ඇටයකින් පැළවුණු අලුත් ගොයම් ගහක් තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් ගොයම් ගහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ හයිබ්‍රිඩ් එකේ වැඩ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පෙනුනානේ. යනුවෙන් ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරපත්වුණු විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මේ අවස්ථාවේදී විමසූ විට බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමා දැන් සිටින්නේද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පෙර සිටි ස්ථාවරයේම බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More