දේශීය පුවත්

රෝහල්වලදී හා හුදෙකලා කර ඇති ප්‍රදේශවලදී මෙන්ම කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයකු හෝ නිරෝධායන වන පුද්ගලයකු මරණයට පත්වුවහොත් පමණක් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර ඇත. ඉන් පරිබාහිරව සිදුවන මරණ පිළිබඳ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය නොවන බව එම චක්‍රලේඛයෙන් දැනුම් දී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ලිපියක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ නිවසක පුද්ගලයකු මියගිය අවස්ථාවේදී එම පුද්ගලයාගේ මරණය කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණයක් නොවන බවට තහවුරු කර ගැනීමෙන් පසු පමණක් ලියාපදිංචි කළ යුතු බවයි. මෙවැනි ක්‍රමවේදයක් කොවිඩ් අවදානම නොමැති ප්‍රදේශවලට අදාළ නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහසයි. නිවසක සිදුවන මරණයක් ලියාපදිංචි කිරීමේ මෙම ක්‍රමවේදය යළි නිවැරදි කරන ලෙස නව චක්‍රලේඛයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත දැනුම් දී තිබේ. මේ පිළිබඳව සියලුම උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්වරුන්ට ලිඛිතව දැනුම් දීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ද තීරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More