දේශීය පුවත්

නිවෙස්වල මියයන පුද්ගලයන්ගේ හදිසි මරණ කටයුතු සිදුකිරීමට යෑමේදී ගැටලූ රැසකට මුහුණ දීමට සිදුවී ඇතැයි හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති පවසයි.

නිවසක මරණයක් සිදු වූ විට (අපරාධමය නොවන) වෛද්‍යවරයකු එහි ගොස් පරීක්ෂා කර බලා මියගොස් ඇති බවට තහවුරු කිරීමෙන් පසු හදිසි මරණ පරීක්ෂකවරයා ගොස් අවසාන කටයුතු සිදු කිරීමට අවශ්‍ය නීතිමය තත්ත්වය ලබා දීම සාමාන්‍ය තත්ත්වය වේ.

එහෙත් රටේ පවතින කොරෝනා තත්ත්වය හමුවේ නිවසක පුද්ගලයකු මියගියහොත් වෛද්‍යවරුන් පැමිණ මියගිය බවට තහවුරු කිරීමට මැලිකමක් දක්වන නිසා හදිසි මරණ පරීක්ෂකවරයාට ඉදිරි කටයුතු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.

මේ වන විට බස්නාහිර පළාතේ නිවෙස්වල මියයන සෑම පුද්ගලයකුගේම පී. සී. ආර්. පරීක්ෂණ සිදුකරන අතර, පිට පළාත්වලට එම නීතිය බලපානවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලින් පැහැදිලි කර නොමැති බවද බවද හේරත් මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු අංශ මැදිහත් වී කඩිනමින් විසඳුමක් ලබාදීමට අපොහොසත් වුවහොත් මෙම ප‍්‍රශ්නය තවත් උග‍්‍ර වනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More