මහනුවර ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ දේහ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි රටට සෘජුව ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටිති.
උන්වහන්සේ එම නිවේදයන මගින් වැඩිදුරටත් පවසා සිටින්නේ,
ඉස්ලාම් භක්තිකයෙකු කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය ගිය හොත් එම පුද්ගලයාගේ මෘතදේහ ආදාහනයෙන් තොරව භූමිදානයට අවසර දී ඇතැයි පැතිරී යන ආරංචියක් හේතුවෙන් සහ ඒ බව සනාථ කරමින් කැබිනට් ඇමතිවරයෙකු විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් තමන් වහන්සේ කනස්සල්ලෙන් සිටින බවයි.
තමන් වහන්සේට වැටහෙන පරිදි එල්ලවන සමාජ විරෝධය හමුවේ දැනට හකුළාගෙන ඇති එම තීන්දුව අද හෙට නැතත් තව මාස දෙකකින් හෝ ක්‍රියාවට නැංවීමට මේ රජයට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි ද අවධාරණය කරති.
යම් කිසි විධියකින් එසේ කරන්නේ නම් ජනාධිපතිතුමන් රුවන්වැලි මහා සෑ මළුවේ දුටුගැමුණු පිළිරුව අබියස දිවුරුම් දෙමින් පෙන්නූ අභිමානනීය ප්‍රතිරූපය කෙලෙසා ගැනීමක් ලෙස සලකන බවද උන්වහන්සේ පෙන්වා දෙති.
එලෙසම උන් වහන්සේ , 69 ලක්ෂයක් වූ බහුතර සිංහල බෞද්ධ ජනතාව විසින් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය විද්‍යාත්මක නොවූ කරුණක් නිසා හානි කරගනු දැකීමට තමන්වහන්සේ කැමති නොවන බවද උන්වහන්සේ තම මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දෙති.
කැබිනට් මණ්ඩලයට අන්තවාදී අතාර්කික මෙන්ම අවිද්‍යාත්මක ඉල්ලීම් වලට සවන් දී තීන්දු ගැනීමට ජනාධිපතිවරයා ඉඩ නොදිය යුතු බව තවමත් මේ රටේ බහුතර ජනතාව ජනාධිපතිගෙන් බලාපොරොත්තු වන බව උන්වහන්සේ තම ලිපිය මගින් අවසාන වශයෙන් අවධාරණය කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...