දේශීය පුවත්

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අවම වශයෙන් සති තුනක කාලයකට කොළඹ නගර සභා සීමාව වසා දමන්නැයි රජයෙන් ඉල්ලා සිටියාය.

ඇයට අනුව කොළඹ නගර සභා බල ප‍්‍රදේශයේ කොවිඩ්19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය.

ඒ අනුව ඇය යෝජනා කරන්නේ කොළඹ නගර සභා සීමාව තුළ දැඩි සංචරණ සීමා යොදා පාලනයට යටත් කර කිසිවකුට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි ලෙස පාලනය කළ යුතු බවයි.

ඇයගේ යෝජනාව ක්‍රියාත්මක නොකළහොත් දැවැන්ත ව්‍යසනයකට රටක් ලෙස මුහුණ දෙන්නට සිදුවන බවද මේ වන විට කොරෝනා මරණ සංඛ්‍යාව එන්න එන්නම ඉහළ යනවා මිස අඩු නොවන බවද ,ඇය පෙන්වා දුන්නාය.

එහිදී ඇය අවධාරණයෙන් යුතුව පවසා සිටියේ, කොළඹ නගර සීමාව තුළ ජීවත් වන වැඩිහිටි ජනගහනය මේ වන විට විශාල මරණ තර්ජනයකට මුහුණ දී ඇති බවත් අද වනවිට ඔවුන් බේරාගත හැකි දැයි යන්න ප්‍රශ්නයක් බවට පත්වී තිබෙන බවත්ය.

රජය පැල්පත්වාසීන්ට නිවසටම වී සිටින්නයි කොපමණ අවධාරණය කළද ඔවුනට එසේ කිරීමේ හැකියාවක් නැතැයිද ඇය වැඩිදුරටත් පවසා සිටියාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More