ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ පරිපාලනයට නතුවන වනාන්තරවල ප‍්‍රමාණාත්මක සීමාවන් දැක්වෙන 1998/07/01 දිනැති අංක 05/98 චක‍්‍රලේඛය සහ රජයට අයත් සියලූම වෙනත් කැලෑ කළමනාකරණය හා පාලනය කිරීම සඳහා වන සංරක්ෂකට පැවරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති 2001/08/10 දිනැති 05/2001 චක‍්‍රලේඛයත්, වනාන්තර ඉඩම් බැහැරකිරීම සඳහා 2006/05/17 දින නිකුත් කළ 02/2006 චක‍්‍රලේකයත් අවලංගු කරමින් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති අංක MWFC/1/2020 දරණ නව චක‍්‍රලේඛය නිකුත් කර ඇත්තේ පවත්නා නීතින්, සංශෝධන, අර්ථ දැක්වීම් සහ නිකුත් කරන නිලධාරියාගේ රාජකාරී වපසරිය පිළිබඳව ඇති අනාවබෝධය හේතුවෙන් බව පරිසර යුක්ති කේන්ද්‍රය ප්‍රකාශ කරයි.
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා විසින් නිකුත් කරන ලද MWFC/1/2020 චක‍්‍රලේඛයේ 1 සහ 2 වගන්තිවල සඳහන් කර ඇති පරිදි, අවශේෂ වනාන්තර වන සංරක්ෂණ පනත යටතේ ශ‍්‍රී ලංකාවේ පවතින වනාන්තර නොවේ. මෙහි භාවිත වන යෙදුම නොමඟ යවන සුළු වන අතර, 2009 සංශෝධිත වන සංරක්ෂණ 65/2009 සමහර වනාන්තර ප‍්‍රදේශ ”වෙනත් වනාන්තරයක්’’ හෝ ”සංරක්ෂණ වනාන්තරයක්, රක්ෂිත වනාන්තරයක් හෝ ගම්බද වනාන්තරයක් හැර වෙනත් වනාන්තරයක්’’ ලෙස සලකයි.
මෙම චක‍්‍රලේඛයේ 2 වන වගන්තියේ නීතියකින්, රෙගුලාසියකින් හෝ වෙනත් මොනයම් හෝ පරිසරය පිළිබඳ කටයුතු කරන රජයේ දෙපාර්තමේන්තුවකට, ආයතනයකට, අමාත්‍යාංශයකට අයත් නොවන අවශේෂ කැලෑවල අයිතිය ගැන ද සඳහන් වේ. එහෙත් එවැනි කිසිම නීතියකට අදාළ නොවන වනාන්තර හෝ ඉඩම් ලංකාවේ නැත.
කෙසේ වෙතත් නව චක‍්‍රලේඛය මඟින් ලබාදී ඇති නිශ්චිත නැති මාර්ගෝපදේශයන් යටතේ වනාන්තර-නොවන භාවිතයන් සඳහා වනාන්තර ඉඩම් නිදහස් කිරීමට ඉඩ ලබා දේ. අප වටහා ගත් පරිදි, ස්වභාව රක්ෂිත හා සංරක්ෂණ වනාන්තර හැර ”අවශේෂ වනාන්තර’’ යනුවෙන් දැක්වෙන සියල්ල දැන් අංක 65/2009 දරණ පනත් සංශෝධනයට යටත් වේ. පවත්නා කාර්යාලයීය ක‍්‍රමවේදයන් තුළ කලින් නිකුත්කර තිබූ චක‍්‍රලේඛයන් අවලංගු කිරීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරයා සතුව ඇතත්, නව නීතිය මගින් අපේක්ෂිත අරමුණු සඳහා ”වෙනත් වනාන්තර’’ යනුවෙන් හැඳින්වෙන ප‍්‍රදේශ බැහැර කිරීමට විධිවිධාන සලසා නැත. කෙසේ වෙතත් නිශ්චිත නැති මාර්ගෝපදේශ තීරණ ගැනීමේදී ගැටලූ ඇතිකර විය හැක.
මෙම චක‍්‍රලේඛයට අනුව වනාන්තර ඉඩම් ආර්ථික හෝ වෙනත් එලදායී කාර්යන් සඳහා යොදා ගන්නා බව ලේකම්වරයා සඳහන් කරයි. මෙයින් අදහස් වන්නේ ‘‘වනාන්තර ඉඩම්’‘ වනාන්තර නොවන ඉඩම් භාවිතයන් බවට පරිවර්තනය කිරීමයි. එනිසාම ලේකම් විසින් එහි චක‍්‍රලේඛ අංක MWFC / 1/2020 යටතේ බැහැර කිරීමට අදහස් කරන කිසියම් වනාන්තර ඉඩමක් වේ නම් සංශෝධනය කරන ලද 1988 අංක 56 දරණ ජාතික පාරිසරික පනතට අනුව අදාළ බැහැර කිරීම හේතුවෙන් සිදුවන පාරිසරික බලපෑම් පිළිබඳ තක්සේරුවක් අවශ්‍ය බව අපි අවධාරණය කරමු.
1993 ජුනි 18 වන දින නියම කරන ලද ව්‍යාපෘති ලැයිස්තුවට අනුව, “ෂ” කොටස යටතේ, හෙක්ටයාර 5 ට වැඩි භූමි ප‍්‍රදේශ ආවරණය වන පරිදි දැව නිස්සාරණය කිරීම, හෙක්ටයාර 1 ට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් වනාන්තර නොවන පරිහරණය සඳහා පරිවර්තනය කිරීම, හෙක්ටයාර 50 ට වැඩි වනාන්තර භූමි ප‍්‍රදේශයක් හෙළි පෙහෙළි කිරීම ඇතුළු තවත් ක‍්‍රියාවලියන් රැසක් සඳහා පාරිසරික බලපෑම් තක්සේරුකරණයක් සිදුකිරීම අත්‍යාවශ්‍ය වේ. එබැවින් වන සංරක්ෂණ ආඥාපනත යටතේ ගැනෙන වනාන්තර ඉඩම් බැහැර කිරීම සඳහා මෙන්ම Fauna and Flora Protection Ordinance යටතේ ගැනෙන ජාතික සංරක්ෂිතයන් හි සිට සැතැපුමක ප‍්‍රමාණයක් ඇතුළත පිහිටි ඉඩම් කොටස් වනාන්තර නොවන ව්‍යාපෘතීන් සඳහා භාවිත කිරීම සඳහා ද පාරිසරික බලපෑම් තක්සේරුකරණ ක‍්‍රියාවලියක් අත්‍යවශ්‍ය වේ.
පොදු මහජනතාවට අයිති සම්පතක් වන වනාන්තරවලට අදාළ නියාමනයන් අවලංගු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් රජයේ නිලධාරීන්ට උපදෙස් ලබාදීම කනගාටුවට කරුණකි. මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ගයට අපි දැඩි ලෙස එරෙහි වන අතර දැනට බලපවත්නා වනසංරක්ෂණ පනතට (සංශෝධිත* සහ ජාතික පරිසර පනතට සංශෝධිත පරිදි*) අනුගතවෙමින් මේ විනාශකාරී නව චක‍්‍රලේඛය අහෝසි කරන ලෙස ඉල්ලා සිටිමු.
පරිසර යුක්ති කේන්ද්‍රය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...