විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජන බලවේගයේ ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් යන දෙදෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසන ලබා දීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (16 වැනිදා) තීරණය කර ඇත.
ඒ අනුව අරවින්ද කුමාර් මන්ත්‍රීවරයාට සභාවේ ආණ්ඩු පක්ෂය පැත්තේ පස්වැනි පේළියේ ටිරාන් අලස් මන්ත්‍රිවරයාගේ ආසනයට යාබද ආසනය ලබා දෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.
ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් මැතිසබයේ ආණ්ඩුව පැත්තේ නොමැති නිසා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසකට විපක්ෂය පැත්තේ පසුපෙළ අසුන් පනවා ඇත. සමගි ජන බලවේගයෙන් නෙරපා හැරි ඩයනා ගමගේ මන්ත්‍රීවරියද මෙම මන්ත්‍රීවරුන් සමග අසුන් ගැන්වීමට තීරණය කළ බව වේත්‍රධාරීවරයා කීවේය.
20 සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජන බලවේගයේ සෙසු මන්ත්‍රීවරුන්ටද විපක්ෂය පැත්තේම වෙනම ස්ථානයක අසුන් පැනවීමට තීරණය කළ බව කී හෙතෙම ඒ අනූව මෙම මන්ත්‍රීවරුන් අද (17 වැනිදා) සිට නව ආසනවල අසුන්ගනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...