දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා මුල් වී කිලිනොච්චියේ පිහිටි කනගපුරම් මහාවිරු සුසාන භූමිය ශුද්ධ පවිත්‍ර කර තිබෙන බව වාර්තා වේ.
ශ්‍රීධරන් මන්ත්‍රීවරයා තවත් පිරිසක් සමග නිරෝධායන නීතිරීතිද කඩ කරමින් මෙම සුසාන භූමි සුද්ධ පවිත්‍ර කරන අතරතුර ඒ ස්ථානයට පැමිණි කිලිනොච්චිය පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් ද ලබා ගෙන තිබෙන බව දැනගන්නට තිබේ.
ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස එම සුසාන භූමිය ශුද්ධ පවිත්‍ර කර තිබෙන්නේ නොවැම්බර් 26 වැනිදාට යෙදී තිබෙන මහවිරු දිනය සැමරීමට ය.
මහවිරු දිනය යෙදී තිබෙන්නේ කොටි ත්‍රස්තවාදී සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදී ඇති නොවැම්බර් 26 දිනට ය.
පසුගිය වර්ෂයේ ද කනගපුරම් සුසාන භූමියේදී මහවිරු දිනය සැමරීමට ඉඩ ලැබුණු බව සඳහන් කර තිබෙන ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මේ වර්ෂයේ දීද ඒ සඳහා අවස්ථාව ලැබෙතැයි විශ්වාස කරන බවද සඳහන් කොට තිබේ.
මහවිරු දිනය සැමරීම නීතියෙන් තහනම්ය.
කොටි ත්‍රස්තවාදී සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් අවසන් වරට මහ විරු දිනයක් සමරන ලද්දේ 2008 වර්ෂයේ නොවැම්බර් 26 වැනිදාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...