මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අද (17 වැනිදා) පස්වරු 1.40ට ‘2021 අයවැය’ දෙවැනිවර කියැවීම සිදුකරයි.
ලබන වසරේ (2021) සේවා වියදම් ඇතුළත් අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පළමුවර කියැවීම මීට මාසයකට පමණ පෙර සිදු කළේය. එම විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශවලට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 2678කි.
මෙම මුදල පියවා ගැනීම සඳහා ආදායම් උපයා ගන්නා ආකාරය සහ අයවැය හිඟය පියවා ගන්නා ආකාරය අද අගමැතිවරයා විසින් සිය අයවැය කතාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය හෙට (17 වැනිදා) සිට 21 වැනිදා දක්වා සිදු කෙරේ. දෙවැනිවවර කියැවීමේ ඡන්ද විමසීම 21 වැනිදා සවස පැවත්වේ.
අයවැය තුන්වැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදය මෙම 23 වැනිදා සිට දෙසැමබර් 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර අවසන් ඡන්ද විමසීම එදින පස්වරුවේ සිදුකෙරේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...