මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියෝ-
මුස්ලිම් ජනතාවට ආගමික සංස්කෘතික බන්ධනයන් තිබිය හැකියි.මේවා මානව වර්ගයාගේ අනාගතය වෙනුවෙන් කැප කරන්න සිදුවෙනවා. මේ පිළිබඳව ඉස්ලාම් භක්තිකයින්ද කල්පනා කිරීම වැදගත්.කොරෝනා වෛරසයෙන් මිය යන බෞද්ධයින් වෙනුවෙන් දියයුතු පාංශුකූලය සම්බන්ධයෙන් බෞද්ධයින් ගැටලුවක් ඇතිකර ගත්තෙ නැහැ. මේ අවස්ථාවේදී හැමෝම විද්‍යාත්මකව කටයුතු කිරීම ඉතා වැදගත්.
කොරෝනා වෛරසයේ හැසිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් තිබෙනවා.
පවතින කොරෝනා වෛරස් තත්ත්වයෙන් මිදීම සඳහා සමාජ, ආගමික මත වාද වලට යට නොවී අප ක්‍රියා කළ යුතුයි. මෙහිදී විද්‍යානුකූලව කටයුතු කිරීම වැදගත්. කොරෝනා ආදාහනය සම්බන්ධ යෙන් තාක්ෂණික කමිටුවක් මගින් ගත් තීරණ දේශපාලන තීන්දු වලට යටත් කිරීමෙන් වැළැකිය යුතුයි.
වෛරසයෙන් මිය ගිය මෘත දේහයන්වල කොරෝනා වෛරසය පවතින අන්දම පිළිබඳව පර්යේෂණ විවිධ රටවල සිදුකරන අතර තවම කොරෝනා වෛරසයේ හැසිරීම ලෝකයටම ආගන්තුකයි. එයින් ආරක්ෂා වීමසම්බන්ධව ඉහළම තීරන අප ගන්න ඕනෙ. මිය ගිය මුස්ලිම් පුද්ගලයින් භූමදානය කරන්න එපා කියල නොවේ අප ප්‍රකාශ කරන්නෙ. කොරෝනා වෛරසයෙන් මිය යන සියලු ආගමිකයින් අදාහනය කළ යුතුයි.
ආගම්වාදී අන්තවාදයටද විවිධ පෙරමුණු තිබෙනවා. සහරාන්ල නිර්මාණය වූ බව මතක තබා ගත යුතුයි. සන්නද්ධ අංශ තිබෙනවා. මේ සියල්ල ශූක්ෂමව ක්‍රියාත්මක වෙනවා. දේශපාලන පෙරමුණක්ද තිබෙනවා. ඔවුන්ට තම අරමුණු ඉටුකර ගැනීමට කුමන පක්ෂයක් වුවත් කමක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිටිමින් අන්තවාදය පෝෂණය කරනවා.මේ තත්ත්වය පාලකයො තේරුම් ගන්න ඕනෙ. ජනාධිපතිතුමාගෙන් එක රටක්, එක නීතියක් මේ රටේ ජනතාව බලාපොරොත්තු වනවා. ඒ පිළිබඳව විශ්වාසය තබා තිබෙනවා.
හෑගොඩ විපස්සී නාහිමි-
ඉස්ලාම් භක්තිකයෙකුගේ මරනයකදී කළ යුතු පිළිවෙත් තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයෙකු සඳහා එම පිළිවෙත් කළහොත් වෛරසය පැතිරිය හැකියි. මිය ගිය කොරෝනා රෝගියෙකුගේ සිරුර පුච්චා දැමිය යුතුයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...