දේශීය පුවත්

2015 වසරේ ගොනු කරන ලද විල්පත්තු නඩුව අවසන් කරමින් අභියාචනාධිකරණය ඓතිහාසිික තීන්දුවක් ලබා දී ඇත. ඒ අනුව විල්පත්තුව එළි කරමින් අවතැන් ජනයා පදිංචි කරවීම නීති විරොධී බවට තින්දු කර ඇති අතර එළි කරන ලද වනාන්තරය හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ පුද්ගලික වියදමින් වන වගා කටයුතු සිදු කර පුනස්ථාපනය කළ යුතු බවට ද නියෝග කර ඇත. අදාල පදිංචිකිරීම් නීතියට අනුකූල නොවන බවත්, යුද්ධයෙන් අවතැන්වූවන් පදිංචි කිරීමට ඇති අයිතිය පිළිගන්නා අතරම ඔවුන් ඔවුනගේ පූර්ව වාසභූමිවල යළි පදිංචි කිරීමට ඇති හැකියාව සළකා පබැලිය යුතු බවත් තීන්දුවේ වැඩිදුරටත් සදහන් වේ.

ඊට අදාල වියදම් ඇස්තමේන්තුව සකස් කර ඒ සදහා කොපමණ මුදලක් වැය වන්නේ ද යන්න මෙම තීන්දුවේ දින සිට මාස දෙකක් ඇතුළත රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට දැනුම් දෙන ලෙසට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කර ඇත. තවද අදාල මුදල බැර කළයුත්තේ කවර ගිනුමකටදැයි එ් සමගම රිෂාඩ් බදුර්දීන්ට දන්වා සිටින ලෙසට ද අභියාචනාධිකරණය නියෝග කර ඇත. අභියාචනාධිකරණ නියෝගයට අනුව රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා විසින් අදාල මුදල එම දැන්වීම ලැබී මාසයක් ඇතුළත – දෙන ලද ගිණුමේ තැන්පත් කළ යුතුව ඇත.

හංගේරියාව සහ ස්ලෝවැකියාව අතර පැවති ගබ්කිකෝවෝ-නගිමාරස් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අන්තර්ජාතික අධිකරණයේදී කීර්තිමත් ශ්‍රී ලාංකේය විනිසුරු සී. ජී. වීරමන්ත්‍රි මහතා දැක්වූ අදහසත්, එප්පාවල නඩු තීන්දුවේදී කීර්තිමත් විනිසුරු ඒ.ආර්.බී. අමරසිංහ මහතා ප්‍රකාශ කළ තීන්දුවත් තවත් පූර්ව නඩු තීන්දු ගණනාවකුත් මෙම තීන්දුව ලබාදීමේදී අභියාචනාධිකරණය සැළකිල්ලට ලක්කළ බව තීන්දුවේ සදහන් වේ.

තවද බෞද්ධ දර්ශනයේ එන කූටදන්ත සූත්‍රයත්, හින්දු දර්ශනයේ එන භූමිකන්ද-පද්මපූරණයත්, ඉස්ලාම් දහමේහි කුරාණයේ සදහන් විශ්වය පිළිබද භාරකාරත්ව සංකල්පයත් ඇතුළු තවත් සංකල්ප සහ නිරීක්ෂණ ගණනාවකින් ද අභියාචනාධිකරණ තින්දුව සමන්විත වී තිබිනි.

මෙම නඩුව ගොනු කොට කරුණු දක්වන ලද්දේ පරිසර යුක්ති කෙන්ද්‍රයේ රවීන්ද්‍රනාත් දාබරේ ඇතුළු නීතීඥ කණ්ඩායමක් විසිනි.

සම්පූර්ණ නඩු තීන්දුව පහතින්.

c.a. writ 291-2015 by Prasad Nilanka on Scribd



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More