දේශීය පුවත්

හෙට (17) පාර්ලිමේන්තුවට අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අය-වැය සම්බන්ධයෙන් කෙරෙන විභාගයේ දින ගණන පිළිබඳව ආණ්ඩුව හා විපක්ෂය අතර දින ගණනාවක් පුරාවට පැවති අර්බුදය මේ වන විට නිමා වී තිබෙන්නේ විපක්ෂයට වාසිදායක වන අයුරින් බව දැනගන්නට තිබේ.

රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ අය-වැය සම්බන්ධයෙන් වූ විවාදය දින දහයකට සීමා කිරීමට පක්ෂ නායක රැස්වීම නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම උත්සහ ගෙන ඇති අතර ඊට විපක්ෂයේ දැඩි විරෝධය දිගින් දිගටම දක්වා තිබුණි.

මේ වන විට රටේ ඇඳිරි නීතිය නොමැතිවීමත් අය-වැය සම්බන්ධයෙන් විපක්ෂයට කීමට ඇති කරුණු බොහෝ තිබීමත් අය-වැයේදී වැදගත් වන්නේ ආණ්ඩුවේ මතය නොව විපක්ෂයේ මතය වීම නිසාත් අය-වැය විවාදය දින දහයක් පැවැත්වීම සම්බන්ධයෙන් කිසිසේත්ම එක දීමට නොහැකි බව පක්ෂ නායක රැස්වීම නියෝජනය කළ විපක්ෂයේ මතය විය.

දින ගණනාවක් රැස් වී මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවල අවසානයේ පක්ෂ නායකයන් විසින් අය-වැය විවාදය දින 20ක් පුරා පැවැත්වීමට එකඟතාවය පළ කර තිබේ. ඒ අනුව අය වැය දෙවන වර කියවීමේ විවාදය දින 5ක් ද කාරක සභා අවස්ථාවේ විවාදය දින 15 ක් ද පැවැත්වීමට පක්ෂ නායකයින් එකඟ වී තිබේ.

මීට පෙර සම්ප්‍රදායක් ලෙස අයවැය විවාදය දින 26 ක් පුරාවට පැවැත්විණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More