දේශීය පුවත්

කොරෝනා වෛරසය දින 3 ක් යනතුරු මතුපිට පෘෂ්ඨයක් මත නොමැරී පවතින නිසා මෙම වෛරසය මිනිසා අතර ඉතා ශීඝ‍්‍රයෙන් බෝවී යෑමේ දැඩි අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේය.

වෙනත් වෛරස මෙන් නොව කොරෝනා වෛරසය දින 3 ක් යනතුරු පෘෂ්ඨයක් මත සකී‍්‍රය ව පැවතීම ඉතා භයානක තත්ත්වයක් බවද පාදෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.

මේ හේතුව නිසා ඔබ කාර්යාලයේදී, පොදු වාහන භාවිතා කරද්දී මෙන්ම නිවසින් බැහැරව සිටින ඕනෑම අවස්ථාවක භාණ්ඩ මෙන්ම පුද්ගලයන් ස්පර්ශය ඔවුන් සමග සමීපව කටයුතු කිරීම අවම මට්ටමක තබා ගැනීමට කටයුතු කළ යුතු බවද අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේය.

සබන් හෝ විෂබීජ නාශක දියර යොදා නිතර අත සේදීමෙන් මෙම වෛරසය තමන් වෙත ආසාදනය වීම වළක්වා ගතක හැකි බවද පාදෙණිය මහතා පවසයි.

කොරෝනා වෛරසය ජලය හෝ මළද්‍රව්‍ය සමග මිනිස් ශරීරයට ඇතුළු වීමේ අවදානමක් ඇද්දැයි අප කළ විමසීමකට පිළිතුරු දුන් වෛද්‍ය පාදෙණිය මහත කියා සිටියේ ජලය මළද්‍රව්‍ය සමග මෙම වෛරසය ශරීර ගත වීමක් සිදුවන බවට කිසිදු පරීක්‍ෂණයකින් සනාථවී නොමැති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද එය තහවුරු කර ඇති බවද අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More