විදේශ පුවත්

කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක හටගත් ගින්නකින් 10​ක් මියගොස් තවත් කිහිපදෙනකුම දරුණු ලෙස තුවාල ලබා ඇත.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මෙම ගිනි ගැනීම සිදුවූයේ රුමේනියාවේ පියට්‍රා නෙට්ටි නගරයේ පිහිටි රජයේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේය. එහිදී රෝගීන් ගලවා ගැනීමේ ප්‍රයත්නයේ යෙදුණු එක් වෛද්‍යවරයකුද බරපතළ ලෙස පිලිස්සුම් තුවාල ලබා තිබේ. රුමේනියා, සෞඛ්‍ය ඇමැති නෙලූ ටටාරු මාධ්‍ය අමතමින් කියා සිටියේ මෙම හදිසි ගින්න බොහෝදුරට විදුලි කාන්දුවක් නිසා සිදුවී ඇති බවය.

රෝහලේ ප්‍රතිකාර ලැබූ අනෙක් කොවිඩ් රෝගීන් ලසි නගරයේ පිහිටි රෝහලකට මාරුකර යැවීමට පියවර ගත් බවද ඇමැතිවරයා එහිදී පැවැසීය. බරපතළ තුවාල ලැබූ වෛද්‍යවරයා බුචාරෙස්ට් අගනුවර පිහිටි රෝහලට යුද හමුදාවට අයත් ගුවන් යානයකින් රැගෙන ගොස් තිබේ.

සෞඛ්‍ය ඇමැතිවරයා පවසන පරිදි එම වෛද්‍යවරයා පමණක් නොව රෝහල් කාර්ය මණ්ඩලයේ තවත් කිහිපදෙනෙකුම මෙම ගින්නෙන් තුවාල ලබා සිටිති. දැඩි සත්කාර ඒකකය තුළදීම රෝගීන් 8 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් දෙදෙනකු ඊට යාබද කාමරයකදී ගින්නට හසුවී ඇත. මෙම වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ බොහෝ දෙනා ශ්වසනාධාරක මගින් ශ්වසනය සිදුකළ අය වෙති. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන පරිදි එහි ඇති ඔක්සිජන් හේතුවෙන් ගින්න වේගයෙන් පැතිරී තිබේ.

කොරෝනා වසංගත ව්‍යාප්තිය ආරම්භ වූ තැන් පටන් රුමේනියාවෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 350,000 ඉක්මවයි. මරණයට පත්වූ සංඛ්‍යාව 8800 ඉක්මවා ඇත. සිකුරාදා දිනයේ වාර්තා වූ නව ආසාදිතයන් ගණන 9489කි. මරණ සංඛ්‍යාව 174කි. දැඩි සත්කාර ඒකකයේ රෝගීහූ 1149ක් ප්‍රතිකාර ලබති.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More