දේශීය පුවත්

සෞඛ්‍යය බලධාරින් ඊයේ නිකුත් කළ නිවේදනයට අනුව ඊයේ(15 ) වන විට කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය ගිය ගනණ 58 දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනයේදී පමණක් ආසාදිතයන් පස් දෙනෙකු මිය ගොස් ඇත. මිය ගිය සියළු දෙනා කොළඹ නාගරික කලාපයේ ස්ථීර පදිංචිකරුවන් ලෙස හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍යය බලධාරීන් පවසයි. මිය ගිය අය අතර වයස අවුරුදු 88ක් වයසැති පුද්ගලයන් දෙදෙනෙකු, අවුරුදු 79ක් වයසැති එක් පුද්ගලයෙකු, අවුරුදු 54ක් වයසැති එක් පුද්ගලයෙකු සහ වයස අවුරුදු 39ක් වයසැති එක් පුද්ගලයෙකුද වන බව සෞඛ්‍යය බලධාරිහු පවසති.

මිය ගිය අය පෙනහළු පිළිකා,හෘදයාබාධ සහ වෙනත් පිළිකා තත්වයන්ට ප්‍රතිකාර ගනිමින් සිටි අයවළුන් බව සෞඛ්‍යය අංශ පවසයි. කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය ගිය අයවළුන්ගේ රෝගී තත්වයන් උත්සන්න වීමෙන් සියළුම මරණ සිදුවී ඇති බව පැවසේ.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා පරිශීලනය කිරීමේදී පෙනී යන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයාතනය ආශ්‍රිත කොවිඩ්19 වෛරස් පොකුර ඔක්තෝබර් 4 වන දින සොයා ගන්නා විට එතෙක් ශ්‍රී ලංකාවේ වාර්තා වී තිබුනේ කොවිඩ්19 වෛරසය ආශ්‍රිත මරණ 13ක් පමණක් බවයි. එසේම එම මරණ සංඛ්‍යාව ඔක්තෝබර් 19 දක්වා වෙනස් නොවී පැවැතුනි.එහෙත් ඔක්තෝබර් 31 වනදා විට සමස්ත කොවිඩ්19 වෛරසය ආශ්‍රිත මරණ ගනණ 20 දක්වා වැඩිවී ඇති බව පැහැදිළිවේ.මේ වර්ෂයේ ඔක්තෝබර් 31 වනදා වන විට කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ ගනණ මේ වර්ෂයේ නොවැම්බර් මාසයේ ඊයේ(15 )දිනය වන විට දෙගුණයකට ආසන්නව වැඩිවී ඇති බව පැහැදිළි වේ.

කෙසේ වුවද වසංගත රෝග විද්‍යාඅංශ ප්‍රධානී වෛද්‍යය සුදත් සමරවීර මහතා පවසා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් සිදුව ඇති මරණ අනුපාතය ජනගහනයෙන් දස ලක්ෂයකට මරණ  2ක අනුපාතයේ පවතින බවයි. මේ තත්වය තවමත් සෞඛ්‍යය අංශ වලට පාලනය කළ හැකි මට්ට්ටමේ පවතින බව වෛද්‍යය සුදත් සමරවීර මහතාගේ අදහසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More