දේශීය පුවත්

නිවෙස්වල මියයන පුද්ගලයින්ගේ මෘතදේහයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය වෘත්තිකයන් වෙත කඩිනමින් ලබාදිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

නිවෙස්වල දී මියයන පුද්ගලයින්ට කොවිඞ් ආසාදනය වී ඇද්ද යන්න පරීක්‍ෂා කිරීම සඳහා එම දේහයන් පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කිරීමට රජය ගෙන ඇති තීරණය කිරීම යහපත් වුවත් ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු රැසක් මේ වන විට මතුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා පැවසීය.

මේ වන විට නිවාස ආශ්‍රිතව සිටින වෙනත් රෝගාබාධවලින් පෙළෙන අය මියගිය පසු පී.සී.ආර් පරීක්‍ෂණ කළ යුතු බවට නිර්දේශ කර තිබුණත් එහිදී සෞඛ්‍ය සේවකයන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ නිසි මාර්ගෝපදේශ නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේය.

නිවාස ආශ්‍රිතව මියයන පුද්ගලයන්ගේ පී.සී.ආර් පරීක්‍ෂණ කළ යුතු ආකාරය, එය රෝහලක් කරා ප්‍රවාහනය කරන්නේ කෙසේද, පී.සී.ආර් පරීක්‍ෂණය සඳහා අවශ්‍ය සාම්පල ලබාගන්නේ නිවසේදී ද නැතහොත් රෝහලකට ගෙනයනවාද, ගෙනයා යුත්තේ කුමන රෝහලටද, ගෙන ගිය පසු පී.සී.ආර් වාර්තාව එන තුරු මෘත දේහය තබාගන්නේ කෙසේද ආදී වශයෙන් ප්‍රායෝගික ගැටළු ගණනාවක් මේ වන විට බිම් මට්ටමේ මතුවී ඇතැයි කී වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් මෙම මාර්ගෝපදේශ සකස් කළ යුතු බවද කීවේය.

එසේ නිසි මාර්ගෝපදේශ ලබානොදුනහොත් මෘත දේහය එහා මෙහා රැගෙනයාමේදීත් රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් මතුවිය හැකි බව හෙතෙම පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More