මාතර මහ නගර සභාවේ සභිකයකුගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් 2020 නොවැම්බර් 7 වන දින රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයට නීතිවිරෝධී ලෙස හා බලහත්කාරයෙන් ඇතුළු වී රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරය සහ
තනිකඩ කුලී නිවාස අතර ඇති භූමිය බුල්ඩෝසර් යන්ත්‍රයක් භාවිතා කර කපා පාරිසරික වශයෙන් වැදගත් වෙරළබඩ වෘක්ෂලතාදිය විනාශ කර තිබෙන බව ආචාර්යවරුන් චෝදනා කරති.
වෙරළට පිවිසීමේ මාර්ගයක් සැකසීම ඔවුනගේ බලාපොරොත්තුව ඇතැයිද එය අත්තනෝමතික ක්‍රියාවක් බවද ඔවුහු දක්වති.
මේ සම්බන්ධයෙන් 2011.11.07 දින මාතර පොලිස් ස්ථානයේදී පැමිණිල්ලක් ද ගොනු කර ඇතත් (පොලිස් පැමිණිලි අංකය: CIB5297/46). මෙම වැරදිකරුවන්ට එරෙහිව රටේ පොදු නීතිය ක්‍රියාත්මක නොකර තිබෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දන්වා ඇත.
අදාළ නිවේදනය පහතින් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...