කළුතර මහාධිකරණ විනිසුරුවරයා ඇතුළු අධිකරණ කාර්ය මණ්ඩලයේ පනස් දෙනෙකු නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන ඇති බව වාර්තාවේ.කළුතර මහාධිකරණයේ භාෂා පරිවර්තකවරිය කොවිඩ්19 වෛරසයේ පළමු පෙළ ආශ‍්‍රිතයකු ලෙස හඳුනාගෙන නිරෝධායනයට ලක් කිරීම මෙම පියවර ගැනීමට හේතුවූ බව සෞඛ්‍යය අංශ පවසයි.
කළුතර මහාධිකරණයේ භාෂා පරිවර්තකවරිය බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඇයගේ අසල්වැසි ඥාතියකු කොරෝනා ආසාදිතයකු වශයෙන් හඳුනාගැනීමත් සමඟ ඇය නිරෝධායනයට ලක් කර තිබේ.
කළුතර මහාධිකරණයේ නීතිඥ මහත්ම මහත්මීන් බොහෝ දෙනෙක් මෙම භෂා පරිවර්තකවරිය සමඟ සමීපව කටයුතු කර ඇති අතර එම නීතිඥවරු කළුතර අධිකරණ සංකීර්ණයේ වෙනත් අධිකරණවලද කටයුතු කර ඇති බව වාර්තා වන අතර ඒ අනුව විනිශ්චයකාරවරුන්, නීතිඥයන් හා සේවාදායකයන්ද ඔවුන්ගේ පවුල්වල අයද මුහුණදී ඇති අවදානම සලකා නොවැම්බර් මස 20 වැනිදා දක්වා අධිකරණ කටයුතුවලින් ඉවත් වීමට කළුතර නීතිඥ සංගමය තීරණය කර ඇති බව පැවසේ.කළුතර අධිකරණ සංකීර්ණයේ නීති පුස්තකාලයද මේ වනවිට වසා දැමීමට පියවර ගෙන ඇත.
කළුතර නීතිඥ සංගමය විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ එළඹි තිබෙන අර්බූදකාරී තත්වය හමුවේ සියළු නඩු සඳහා දින ලබාදීම මෙන්ම ඒකපාර්ශවීය විභාග සඳහා නියෝග කිරීම හෝ නඩු නිශ්ප‍්‍රභ කිරීම නොකරන ලෙසයි.
කළුතර නීතිඥ සංගමයේ කමිටුව ඉකුත් 13 වැනිදා රැස්වී ගන්නා ලද මෙම තීරණය ඇතුළත් නිවේදනය එහි සභාපති නීතිඥ ඩික්සන් පුංචිහේවා සහ ලේකම් මහේෂ් කාංචන සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව කළුතර අධිකරණ සංකීර්ණයේ සියලූම විනිසුරුවරුන්ට, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයට හා අධිකරණ සේවා කොමිෂන් සභාවටද යවා ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...