දේශීය පුවත්

මාධ්‍යයවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරන මහතා සඳහන් කර සිටියේ කොවිඩ්19 වෛරසය අද වනවිට ශ්‍රී ලංකාව තුළ සමාජ ව්‍යාප්තිය යන මට්ටමට පැමිණ ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරන මහතා ශ්‍රී ලංකාවේ ජේෂ්ඨතම සහ ප්‍රධානතම වෛරස විද්‍යාඥයා වන අතර ඔහුගේ ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කරන ඇත්තේ වෛරසවේදය පිළිබඳවයි.
මහාචාර්ය තිස්ස විතාරණ මහතා අවධාරනය කරන්නේ කොවිඩ්19 වෛරසය පාලනය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග තීන්දු තීරණ ගන්නා කිසිදු කමිටුවක් ආයතනයක් මෙතෙක් තමන් සමඟ සාකච්ඡා කිරීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදු කර නැති බවයි.

අද වන විට කොවිඩ්19 වෛරසය සමාජ ව්‍යාප්තියක් සිදුවී අවසන් ඇති බැවින් ශ්‍රී ලංකාව බරපතල අවධානමක් පවතින බවත් මෙවර වෛරසය ඉතාම ප්‍රබල බවත් ඒ මහතා අවධාරණය කර සිටියි.

මෙහිදී චමුදිත සමර්වික්‍රම මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතු දෙමින් මෙරට වෛරසය පාලනය කරන ආකාරයේ ගැටලූ ඇති බව පෙනී යන නමුත් ඒ කිසිවක් පෙන්වා දීමට තමන්ට අවස්ථාවක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරන මහතා කියා සිටියේය.

යම්කිසි නිවැරදි ක්‍රමවේදයකින් යුතුව කටයුතු කළහොත් වෛරසය තවමත් පාලනය කළ හැකි බවට තමන්ගේ විශ්වාසය බව පවසන නමුත් කොළඹ තත්ත්වය ඉතාම බරපතළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරන මහතා පවසා සිටියි.

මහාචාර්යවරයාට අනුව වෛරසය මැඬලීම සඳහා එන්නතක් ගැන බලාපොරොත්තුවක් තවත් වසර තුන හතරක් යනතුරු තබා ගැනීමට නොහැකි බවත් එසේ සොයාගත්තද ලංකාවට ඉතා ඉක්මනින් එම එන්නත ලැබේවි යැයි සිතන්නට නොහැකි බවත් ඔහු අවධරණය කරනු ලබයි.

චමුදිත සමරවික්‍රම මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරන මහතා කළ සාකච්ඡාව පහතින්

https://www.youtube.com/watch?v=lSVy4JDQAhE



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More