බලයට පත්වීමෙන් පසු සිංගප්පූරුවේ සිට කනෙන් ඇදගෙන එනවා යැයි කියූ අර්ජුන් මහේන්ද්‍රන්ව වසරක් ගත වී ඇතත් තවමත් ඔහුව රැගෙන ඒමට නොහැකි වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
අද (15) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළේය.
එය ගෝඨාබය රාජපක්ෂ මහතාගේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රටට පැවැසූ ව්‍යාජ බොරුවක් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
අපි අහනවා එතුමාට දැන් අවුරුද්දයි අර්ජුන් මහේන්ද්‍රන් කනෙන් අල්ලන් එනවා කිව්වේ, අර්ජුන් මහේන්ස්ද්‍රන් අල්ලන්න කොවිඩ් එකේ තියෙන බලපෑම මොකක්ද? එතුමාගේ ජාතික ආරක්ෂක ශක්තිය මැනවින් පෙන්වපු උදාහරණයක් තමයි මේ රටට කියපු පට්ටපල් ව්‍යාජ බොරුව. අර්ජුන් මහේන්ද්‍රන් කුමාරන් පද්මනාදන් අල්ලන් ආවා වගේ කනෙන් අල්ලන් එනවා කියපු ව්‍යාජ සිංහ නාදයට වසරක් ගිහිල්ලා. අර්ජුන් මහේන්ද්‍රන්ට කිසිම පියවරක් ගන්න බැරි වුණා විතරක් නෙවෙයි 2016 මාර්තු මාසයේ තෙවෙනි වංචාව සම්බන්ධයෙන්, එක තත්ත්පරයක් අර්ජුන් අලෝසියස්ලව අත්අඩංගුවේ තියාගන්නවත් මේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අතින් අපේ පාලනය යටතේ සිදුවුණ වරද සම්බන්ධයෙන් අපේ පාලනය මේ පිරිස් අත්අඩංගුවට ගත්තා, බැංකු ගිණුම් තහනම් කළා, වංචා කළ ධනයෙන් 90%කට වැඩි ප්‍රමාණයක් රජයට ආපසු ගත්තා, මාස ගාණක් ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරයේ තියාගත්තා, සිංගප්පූරුවත් එක්ක සැලකිය යුතු උත්සාහයක් ගත්තා අර්ජුන් මහේන්ද්‍ර පිටමං කරගන්න. ඒ ගැන අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ස්තුතියි වන්ත වෙන්න ඕනේ, යනුවෙන් රණවක මහතා කරුණු දක්වන ලදී.
එමෙන්ම එතෙකින් නොනැවතී එම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා එම වංචාව හෙළිදරව් කරගැනීමට හැකි වූ බවයි ඔහු ප්‍රකාශ කළේ.
එහෙත් තවදුරටත් එම වංචනිකයින්ට එරෙහිව ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට නොහැකි වී ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා නොව එය ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම් කරන්නක් බව හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම 2008 වසර කාලයේ සිටම සිදුව ඇති බැඳුම්කර වංචාවන්ට ඔවුන්ගේද සම්බන්ධයක් පවතින හෙයින් යැයි මන්ත්‍රීවරයා තවදුරටත් පවසන ලදී.
මෙම තත්ත්වය මත අර්ජුන් මහේන්ද්‍රන්ට නීතිය ක්‍රියාත්මක නොවෙන තාක්කල් මෙම ආණ්ඩුව සහ ආණ්ඩුවේ ප්‍රධානීන් එම මහා බැංකු වංචාවට කොටස්කරුවන් ලෙස නම් කිරීමට කිසිසේත්ම පසුබට නොවන බවද චම්පික රණවක මහතා වැඩිදුරටත් කියාසිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...