ප‍්‍රධාන පුවත්

ආණ්ඩුව තුළ සිටිමින් කුහකකම් කළ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වී ඇති බවත් ජනතාවට සේවය සලසමින් ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ඇති බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

පක්ෂ අභ්‍යන්තරයේ පැවති රහස් ඡන්දයකින් තමන්ට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට හැකියාව ලැබුණේ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව තිබූ නිසා බවද හගුරන්කෙත ප්‍රදේශයේ පැවති අලුත් අවුරුදු උත්සවයකදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

නවීන් දිසානායක ඇමැතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුවේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිටින එකම සිංහල කැබිනට් ඇමැතිවරයා වන්නේ මම. ඒ නිසා මට විශාල වගකීමක් තිබෙනවා. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මණ්ඩයට පත්වීමටත් මට හැකියාව ලැබී තිබෙනවා. රහස් ඡන්ද හතරක් තියලා තමන්ගේ නායකයින් පත් කිරීමට කටයුතු කළ එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ ආකාරයට කටයුතු කිරීමට හැකිවී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නිසයි. 1976 වසරේදී රහස් ඡන්දයක් තිබුණා. ඒ අවස්ථාවේදී ප්‍රේමදාස මහතාට ඡන්ද එකසිය දහ අටක් ලැබුණා. මගේ පියාට ඡන්ද එකසිය දහයක් ලැබුණා. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා කැබිනට් මණ්ඩලය තීරණය කළේ ඒ අනුවයි.

දැනට සති දෙකකට කලින් එක්සත් ජාතික පක්ෂය තවත් රහස් ඡන්දයක් තිබුණා. එහිදී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලැබුණේ ඔබගේ නායකයා වන නවීන් දිසානායකටයි. එක්සත් ජාතික පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ගේ හැගීම තමයි එයින් ප්‍රකාශයට පත්වුණේ. ඒ නිසා අපේ පක්ෂය මීට වඩා ශක්තිමත් කර ඉදිරියට ගැනීමට මට විශාල වගකීමක් තිබෙනවා. ඒ වගකීම මම ඉටු කරනවා.

දැනට තිබෙන මනාප ක්‍රමය අනුව මට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසන පහක දේශපාලන කටයුතු කිරීමට මට සිදුවෙනවා. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටත් අපි උත්සාහ ගන්නවා. එක් ආසනයකට වගකියන මන්ත්‍රීවරයෙක් පත් කිරීමේ අදහස තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස දහ අට තුළදී අපිට විශාල වැඩ කොටසක් කිරීමට තිබෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව අපිට හොඳ පාඩමක් කියලා දුන්නා. ඉදිරි මාස දහ අට තුළදී අපිට විශාල වැඩ කොටසක් කිරීමට තිබෙනවා. හගුරන්කෙත, නුවරඑළිය නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවල බලය අපි පිහිටවනු ලැබුවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලැබූ ජයග්‍රහණය අපිට මුළු රටෙන්ම ලබාගැනීමට නොහැකි වුනා. ජනතාව මැතිවරණයේදී අපිට ඉගැන්වූ පාඩම අනුව අපි කළ යුතු වෙනස්කම් කර තිබෙනවා. ඒ නිසා තමයි පරණ විදියට පොහොර ලැබෙන්නේ. පරණ විදියටමට පාසල් ළමුන්ට නිල ඇදුම ලබාදෙනවා. රාජ්‍ය සේවකයින් ඒ සදහා කටුයතු කරනවා.

එක්සත් ජාතික පක්ෂය හදන්නේ කොහොමද කියලා අපි පක්ෂය ඇතුලේ සාකච්ඡා කර තිබෙනවා. ඉදිරි මාස හය ඇතුළත ජනතාවගේ අත මිට සරු වෙනවා. සහනාධාර මීට වඩා ක්‍රමවත්ව ජනතාවට දැනෙන ආකාරයට ලබාදෙනවා. ඒ අතරම රුපියල් බිලියන පනහක මුදලක් ජනතාවට ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

අපේ ආණ්ඩුව ඇතුලේ සිටිමින් අපේ කකුල්වලින් අදිමින්, කුහකකම් කරමින් සිටි පිරිස දැන් එළියට ඇවිත් තියෙනවා. ඔවුන් ආණ්ඩුවෙන් එළියට ඒම සම්බන්ධයෙන් මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. එක ඇමැතිවරයෙක්ට කෙටි පණිවුඩයක් යවමින් ආණ්ඩුවෙන් යන්න කියලා කිව්වා. ඔහු මට කිව්වේ ආණ්ඩුවෙන් යන්න කියලයි. ආණ්ඩුව විවේචනය කරමින්, අගමැතිතුමා විවේචනය කරමින් තවදුරටත් ආණ්ඩුවේ ඉන්නේ නැතිව එළියට යන්න කියලා මම ඔහුට කිව්වා. දැන් ඒ පිරිස් ආණ්ඩුවෙන් අයින් වෙලා තිබෙනවා. ඒ නිසා දැන් අපිට ශක්තිමත්ව ඉදිරියට යන්න පුළුවන්. ජනතාවගේ පණිවුඩයත් ලබාගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒ සදහා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාන්ත්‍රවාදය ශක්තිමත් කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More