දේශීය පුවත්

ඉන්දියාව රුසියාවේ Sputnik V එන්නත් නිෂ්පාදනය අරඹයි

https://www.ndtv.com/video/news/news/phase-2-and-3-trials-of-sputnik-v-happening-in-india-russian-vaccine-firm-chief-566158

ඩොලර් බිලියන ගණනක Covid 19 එන්නත සඳහා වන තරඟය උණුසුම් වෙයි.

අගෝස්තු මාසයේදී රුසියාව තම Sputnik V එන්නතේ 90% ක සාර්ථකත්වය පිළිබඳව නිවේදනය කළ වහාම බටහිර මාධ්යය එයට දිගට හරහට පහර දුන් අතර රුසියාව තම කර්තව්යය නිහඬව ඉදිරියටම කරගෙන ගියේය.

ඒ අතර ජර්මනියේ BioNTech ආයතනයේ ජීව සාම්පලය අනුසාරයෙන් ඇමරිකාවේ Pfizer සමාගම විසින් නිෂ්පාදිත එන්නත 90% ක සාර්ථකත්වක් පෙන්නුම් කර ඇතැයි නිවේදනය කළ අතර මේ වනවිට ඒ පිළිබඳ ගැටලු රාශියක් පැනනැගෙමින් පවතී.

කෙසේ වුවද රුසියාවේ නවතම වාර්තා අනුව Sputnik V එන්නත මේ වනවිට 92% ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති අතර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 20,000 කට ආසන්න පුද්ගලයින් පිරිසකට එහි දෙවන මාත්‍රාව ද ලබා දීමෙන් අනතුරුව අතුරු අබාධ කිසිවක් මෙතෙක් වාර්තා වී නැත.

මේ වනවිට රුසියාව ඉදිරි පියවර තබමින්, තවත් අමතර එන්නත් 3ක් ද රුසියානු ඖෂධ අධිකාරියේ ලියාපදිංචි කර ඇති අතර මේ වසර අවසාන වනවිට එන්නත් මිලියන 5-6 ත් අතර ප්‍රමාණයක් මාසිකව නිෂ්පාදනය කිරිමට ද සැලසුම් කරමින් සිටී.

වසන්ත සමය උදාවනවිට එය මසකට මිලියන 15 ක් දක්වා වර්ධනය කිරීමට ද සැළසුම් කරමින් ඇත. එය මුලු රුසියාවේම වයස 60ට අධික සියලු පුද්ගලයින්ට මාස දෙකක් තුළ එන්නත ලබාදීමට ප්‍රමාණවත් වේ.

එන්නත ඩොලර් බිලියන 25ත් 100ත් අතර ලෝක වෙලඳපොළ වටිනාකමක් හිමිකර ගනු ඇතැයි තක්සේරු කර ඇති අතර; එන්නත නිෂ්පාදනය කිරීම සඳහා බොහෝ රටවල් අතර දේශපාලනික උනන්දුවක් ද සහිතව, වෙළඳපොල ජය ගැනීම උදෙසා වන තරඟයක් ද ඇතිවී තිබේ.

Sputnik V එන්නත සඳහා වැඩිපුරම ආයෝජනය කර ඇති Russian Direct Investment Fund (RDIF) හි ප්‍රධාන විධායක නිළධාරී Kirill Dmitriev ට අනුව මෙහි ලෝක වෙලඳපොළ ඉල්ලුම මාත්‍රා බිලියන 3-5ත් අතර ප්‍රමාණයක් වන අතර ඉන් 1/3 ක සැපයුමක් ලබාදීමට ඔවුනට හැකිවේයැයි ඔහු අනුමාන කරයි.
.
කෙසේ වුවද තවමත්, නිෂ්පාදන ධාරිතාවයන් වැඩි කර ගැනීම සඳහා ආයෝජකයින් ආයෝජනය කරමින් සිටින අතර මෙම නිෂ්පාදන පුරෝකතනයන් යම් පමණකින් වෙනස් වීමට ද පුලුවන.
ධාන්ය සහ ආයුධ සඳහා ලොව අංක එකේ සැපයුම්කරුවා වන්නේ රුසියාවයි. මෙම වෙළඳපොල ජයගතහොත් ඔවුන් ධාන්ය සහ ආයුධ සැපයීමෙන් ලබන ආදායම පරයා යන ආදායමක් මින් ලබාගැනීමට රුසියාව සමත් වනු ඇත.

ගෝලීය ඖෂධ ජාවාරමේ පරිමාව ඉන් සිතා ගත හැකිය.

කෙසේ වුවද සමස්ථයක් ලෙස ගත්කළ ද රුසියාවේ ආකල්ප; ඇමරිකාවේ සහ බටහිර ආකල්පයන්ට වඩා මානවවාදී වන අතර, රුසියානු නිෂ්පාදකයින් භාණ්ඩයේ ගුණාත්මක භාවය පිළිබඳව වඩා සැලකිල්ලක් දක්වයි. ඔවුන් වෙළඳ ප්‍රචාරණය පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වයි.

රුසියානු නිෂ්පාදකයින් සැමවිටම තම “පරාක්‍රමභාවය”; භාණ්ඩයේ ගුණාත්මක භාවය නංවමින් ප්‍රදර්ශණය කිරීමට උත්සාහ දරණ අතර, ඇමරිකානු සහ බටහිර නිෂ්පාදකයින් එය පෙන්නුම් කරන්නට උත්සාහ කරන්නේ තමන් අත් කරගන්නා වෙළඳපොල වටිනාකම මතයි.

Sputnik V එන්නතේ වඩාත්ම වාසිදායක කාරණය වන්නේ එය -4C ක උෂ්ණත්වයක ගබඩා කළ හැකි වීමත් Pfizer ගේ එන්නත ගබඩා කළ යුතු වන්නේ -75C (-94F) ක උෂ්ණත්වයක වීමත්ය.

දැනට සති තුනකට පෙර, මෙය ලියාපදිංචිය සඳහා ලෝක සෞඛ්ය සංවිධානයට යවා ඇති අතර දැනට ලෝක සෞඛ්ය සංවිධානය (W.H.O.) ට ලියාපදිංචිය සදහා ලැබී ඇත්තේ මෙම Sputnik V එන්නත පමණි.

මේ අතර චීනය, ඉන්දියාව, දකුණු කොරියාව සහ බ්‍රසීලය මෙම එන්නත තම රටවල්වලදීම නිෂ්පාදනය කර බෙදාහැරීම පිළිබඳව දැනටමත් රුසියාව සමඟ ගිවිසුම් අත්සන් කර හමාරය. සාකච්ඡා කරමින් සිටී.

හන්ගේරියාව, ඊශ්‍රායලය ඇතුලු තවත් රටවල් කිහිපයක්ම මෙම එන්නත තම රටවල්වලදී නිෂ්පාදනය සඳහා රුසියාව සමග සාර්ථක සාකච්ඡා අරඹා ඇත.

වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් බලන්න.
https://www.rt.com/russia/506712-covid19-vaccine-fight-west/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More