දේශීය පුවත්

නිවෙස්වල මියයන පුද්ගලයින්ගේ මෘතදේහයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය වෘත්තිකයන්ට මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ නිවෙස්වල දී මියයන පුද්ගලයින් PCR පරික්ෂණ සඳහා යොමු කිරීමට තීරණය කිරීම යහපත් තත්වයක් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ “කොවිඩ් නැති කාලේ ගෙවල් තුළ මැරිච්ච පිරිසක් හිටියා. ඒ පිරිසෙන් කොටසක් දැනටත් මැරෙනවා. මරණය සිදු වුණාට පස්සේ ආරක්ෂිත පියවරක් විදිහට කොවිඩ් ද නැද්ද කියලා තහවුරු කරගන්න එක හොඳ පියවරක්. සෞඛ්‍ය සේවකයන් මෙතනදි ක්‍රියාත්මක වියයුතු ආකාරය ගැන මාර්ගෝපදේශ සකස් කරන්න කියලා අපි කියනවා. මොකද සමහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ප්‍රායෝගික ගැටලු ගණනාවක් මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම නිවාස ආශ්‍රිතව මරණයක් සිදුවුණාට පස්සේ PCR එක කරන විදිහ, PCR වාර්තාව එනකම් මෘතදේහය තබා ගන්න විදිහ. මේ වගේ ගැටලු ගණනාවක් තියෙනවා. කොවිඩ් මෘතදේහ හරහා රෝගය ව්‍යාප්ත වෙන එකත් පාලනය කරගෙන අපි ඉස්සරහට යන්න අවශ්‍යයි.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More