2021 වර්ෂයට අදාල අයවැය වාර්තාව ලබන 17වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අයවැය දෙවනවර කියවීමේ විවාදය දින 4ක් පැවැත්වීමට තීරණය කර ඇති අතර එය 18 වන දා සිට 21 වන දා තෙක් පැවැත්වීමට නියමිතව තිබේ.
අයවැය විවාදය පෙරවරු 10.30 සිට පස්වරු 05.30 දක්වා පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21වන දින පස්වරු 05.00ට සිදුකිරීමට නියමිතව තිබේ.
අයවැය සම්බන්ධ කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙනවා.
එමෙන්ම තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10වන දින පස්වරු 05.00ට සිදු කෙරෙනු ඇති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...