ඉදිරි දින වලදී රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ වල විශාල හිඟයක් ඉදිරි දිනවලදී ඇතිවිය හැකි බව පිටකොටුවේ තොග වෙළඳුන් පවසා සිටී.
කොළඹ වරායට අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන පැමිණෙන නෞකා විශාල ප්‍රමාණයක බහාලුම් ගොඩ බෑමට නොහැකි වීම මෙම තත්වය උදා වීමට හේතු වී ඇති බව ඔවුහු වැඩිදුරටත් පවසා සිටී. එසේම වරාය සේවකයන් ගණනාවක් කොවිඩ්19 වෛරසය පැතිර යාම හේතුවෙන් සේවයට වාර්තා නොකිරීමෙන් ඇති වී තිබෙන ප්‍රමාදයද මේ සඳහා බලපා තිබේ.
මෙම තත්වය හේතු කොට ගෙන කොළඹ වරායට පැමිණි නෞකා වරාය ආසන්නයේ නැංගුරම් ලා හෝ ආසන්න වරායන් වෙත පිටත්ව ගොස් ත්බෙන බවද ඔවුහු සඳහන් කරති.
වරාය කටයුතු සම්බන්ධ විද්වතුන් පවසන්නේ, එසේ පිටත්ව ගොස් ඇති නෞකා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අමතර කාලයක් මෙන්ම අමතර වියදමක් දරන්නට සිදු වනු ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...