දේශීය පුවත්

යහපාලන රජයේ ප්‍රබල චරිතයක් වූ හිටපු අමාත්‍ය චම්පික රණවක ආණ්ඩුව ට එක්වීමට දස අතේ ආයාචනය කරමින් සිටින බව වාර්තා වෙයි. මේ ගැන රජයට පණිවිඩ පිට පණිවිඩ එවා ඇති රණවක මහතා කොන්දේසි විරහිතව සහාය දීමට ඉදිරිපත් වීම ද විශේෂයකි.

ලොකුවට අණ බෙර ගසා සජිත් පිල සමඟ එක් වූ ඔහු ටික කලකින් එයින් කැපී ගියේය. ඒ අතර බරපතළ නඩුවකට කොටු වී දැඩි ලෙස නීතිමය සිරවීමකටද ලක්ව සිටී. එසේ තිබියදී පරණ පව් සමා කරගෙන රජයට එක්වීමට ඔහු උත්සාහ දරයි.

මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන අයට එරෙහිව සියලු යහපාලන නඩු මෙහෙය වූයේ ඔහුය. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, වත්මන් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් ඇතුළු පිරිසට නඩු පැටලවීමේ කාර්‍යේ මූලිකයන්ද ඔහු හා රාජිත සේනාරත්න බව කියැවෙයි. එම නිසා චම්පික රණවක රජයට එක්වීමට කළ ඉල්ලීම ට රජයේ ප්‍රධානීන් බහුතරයක් දැඩි විරෝධය දක්වා ඇත.

චම්පික ගේ උත්සාහය ව්‍යර්ථ වීම හේතුවෙන් ඔහු කලකිරී රජයට එරෙහිව දැන් මාධ්‍ය මෙහෙයුමක් දියත් කර තිබේ. ඔහුගේ එකම අරමුණ 2025 වසරේ ජනාධිපති අපේක්ෂකයෙකු වීම බව පසුගිය කාලයේ සජිත් පිලේ ම සමහරු ප්‍රකාශ කළෝය. පවතින නඩුව ඊට බරපතළ බාධාවක් නිසා රජයට එක්වීමට ඔහු තීන්දු කර තිබුණි. එහෙත් දැන් එම උත්සාහය ද වතුරේ ගොසිණි.



One thought on “චම්පික රණවක කරණමකට සූදානම්?”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More