දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් මහමග කොරෝනා වෛරසය ආසාධිත වී මියගොස් ඇති බවට ඡායාරූප සමඟ අන්තර්ජාලයේ පළ කළ පුද්ගලයකු අද (14) කඩුගන්නාව හේන වල එගොඩවත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරු 35 හැවිරිදි ගරාජ් හිමියෙකි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා නිරෝධායන පනත යටතේ මෙන්ම ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අසත්‍ය ආකාරයේ ප්‍රවෘත්තියක් පළකිරීම මගින් නිරෝධායන ක්‍රියාවලියට බාධා පැමිණවීම, ජනතාව අතර අනිසි බියක් ඇති කිරීම සහ ඒ තුළින් නිරෝධායන ක්‍රියාවලිය අපගමනයට ලක්කිරීම යන චෝදනා යටතේ මේ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් 4 දෙනෙක් පිළිබඳව මේ වනවිට තොරතුරු ලැබී ඇති අතර එම පුද්ගලයන්ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More