‘අවශේෂ වනාන්තරවල’ ආරක්ෂාව වෙනුවෙන් පැවති 05/2001 සහ 02/2006 චක්‍රලේඛ අහෝසි කිරීම ශ්‍රී ලංකාවේ වන අලි ගහනයට මරු පහරක් වනු ඇති බවට පරිසරවේදීහු සහ සත්ව සුබ සාධන ක්‍රියාකාරීහු අනතුරු අඟවති.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති හෙක්ටයාර ලක්ෂ පහකට ආසන්න ‘අවශේෂ වනාන්තර’ දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරු යටතට පත් කිරීම විදේශ සමාගම්වලට ඉඩම් ලබා දීමේ “සටකපට ප්‍රයත්නයක්” බවට පරිසරවේදීන් සැක පහල කරනවා.
පරිසරවේදීන් සහ සත්ව සුබ සාධන ක්‍රියාකාරීන් පවසන පරිදි ශ්‍රී ලංකාවේ අලි ඇතුන් වැඩි වශයෙන්ම ගැවසෙන්නේ ‘අවශේෂ වනාන්තර’ ආශ්‍රිතවය.
මේ හෙක්ටයාර ලක්ෂ පහ නැති වුණොත් අපේ රටේ අලි සම්පතට විශාල හානියක් සිදු වේවි. මොකද අපේ රටේ බහුතරයක් වල් අලි සැරිසරන්නේ මේ අවශේෂ වනාන්තරවල. ඊට අමතරව දවසින් දවස නරක අතට හැරෙන කොටි- මිනිස් ගැටුමත් මේ එක්ක තවත් උග්‍ර වෙනවා. දැනටමත් වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින මේ සත්ව කොට්ඨාස දෙකට රජය එල්ල කර තිබෙන්නේ මරු පහරක් බවට පරිසරවේදීන් චෝදනා කරනවා.
ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් හම්බන්තොට අක්කර සිය ගණන් කපනවා. විල්පත්තුවේ තිබෙන්නෙත් අපේ ගස්, අපේ සත්තු. හම්බන්තොට තිබෙන්නෙත් අපේ ගස්, අපේ සත්තු. හැබැයි මේ කාරණා දෙකේදී, මිනිස්සු ඒ දිහා බලන්නේ වෙනස් විදිහකට.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...