ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා, රට තුළ මේ මොහොතේ ක්‍රියාත්මක වන සෞඛ්‍යය නීති රෙගුලාසි ප්‍රකාරව කොවිඩ්19 වෛරසය ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමදානයට කිසිසේත්ම ඉඩ දිය යුතු නැති බව පවසයි.
ඔහුට අනුව වැදගත් වන්නේ හැඟීම් නොව සත්‍ය තත්ත්වයයි. අන්තර්ජාල වෙබ් අඩවියක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කලේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට පිටින් ඇතැමුන් ප්‍රකාශ කිරීම කනගාටුදායක බවද සඳහන් කරන ඔහු අලි සබ්රි මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් යම් ගැටලු ඇතැයිද පවසයි.
කොවිඩ්19 වෛරසය ආසාදිතව මියයන අයගේ දේහයන් ආදාහනය කරන්නේ ද භූමදානය කරන්නේ යන්න තීරණය කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන් ගෙන් යුතු කමිටුවක් විසින් මිස කැබිනට් මණ්ඩලය නොවන බවද මුසම්මිල් මහතා දැඩිව අවධාරණය කරනු ලබයි.
අන්තර්ජාල නාලිකාව සමග පැවති සාකච්ඡාව පහතින්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...