හිටපු අමාත්‍ය ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ලිපියකට අත්සන් කරමින් සිටී.
ලිපියට අත්සන් තැබීම ඊයේ දිනයේ ආරම්භ වී ඇති අතර සැළකිය යුතු අත්සන් ප්‍රමාණයක ලැබීමෙන් අනතුරුව එය බැසිල් රාජපක්ෂ මහතාට භාරදීමට සංවිධායකයන්ගේ සැලසුම වී තිබේ.
ඔවුන් අත්සන් කරන ලිපියට අනුව වන්නේ බැසිල් රාජපක්ෂ මහතා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ සිටීම අත්‍යාවශ්‍ය කරුණකි. තවද ඔවුන් ලිපියෙන් අවධාරනය කරන්නේ, බැසිල් රාජපක්ෂ මහතා ගෙන් තොර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ගැන සිතීමට පවා හැකියාවක් නැති බවයි.
අදාළ ලිපියේ මෙහි දැක්වෙයි.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...