එක්සත් ජාතීන්ගේ සංවිධානය , මරණයට පත්වන කොවිඩ්19 වෛරසය ආසාදිතයන් ගේ මෘත දේහය භූමදාන කිරීමෙන් වෛරසය ව්‍යාප්ත වන බවට කිසිදු සාක්ෂියක් ලැබී නැති බව සඳහන් කරයි.
එමනිසා කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රධානියා පවසන්නේ කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය යන අයගේ මෘතදේහ අවශ්‍ය නම් භූමදානය කල හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සදහන්කර ඇති බවයි.
කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකරක හැනා සිගර් මහත්මිය විසින් අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා වෙත මේ බව ලිඛිතව දැනුම්දී ඇති බව වාර්තාවේ.
එම ලිපිඅය විදේශ කටයුතු ඇමති දිනේශ් ගුණවර්ධන, සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි, අධිකරණ ඇමති අලි සබ්රි යන අමාත්‍යයවරුන් වෙතද පිටපත් සහිතව යොමු කර ඇති බව පැවසේ.
එම ලිපිය මෙහි දැක්වෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...