දේශීය පුවත්

කැබිනට් මණ්ඩලය කොවිඩ් වසංගතයෙන් මියයන කවරෙකු හෝ වළ දැමීම හෝ ආදාහනය කිරීම පිළිබඳව තීන්දු ගන්නා තැනක් නොවන බවත් එබැවින් මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ වළ දැමීම පිළිබඳ තීන්දුවක් ගන්නේ නම් එය විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කළ යුතු කටයුත්තක් බවත් එවැන්නක් සිදු කරන්නේ නම් ඊට හේතු රට හමුවේ තැබීම ද ඉහත කී ප්‍රාමාණික විද්වතුන් විසින් සිදුකළ යුතු බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

අද (12) කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මාලඹේ ග්‍රාම සේවා වසම් කිහිපයක කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් 5000/- දීමනාව ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් හාරලක්ෂ පනස්දහසකට රුපියල් 5000ක දීමනාව ලබා දුන් බවත් එසේම නිරෝධායනයට ලක් වන පවුල් 9000කට රුපියල් දසදහසේ සහන මලු ලබාදී ඇති බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

කොවිඩ් -19 රෝගය වැලදී මිය යන අයගේ සිරුරු භූමදාන නොකල යුතු බවටත් ඒවා ආදාහනය කිරීම පමණක් සිදු කළ යුතු බවටත් තීන්දු කරනු ලැබුවේ ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය බලධාරීන් පිරිසක් විසින් බව පැවසූ වීරවංශ මහතා එම තීන්දුව කිසිසේත්ම වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය තුළ තීන්දුවක් නොගත් බව අවධාරණය කළේය.

අවාසනාවට අධිකරණ අමාත්‍යවරයා තම සමාජ මාධ්‍ය ගිණුම තුළ එවැනි තීන්දුවක් ගත් බවට හැඟවෙන සටහනක් තබා තිබූ බැවින් රට තුළ මේ පිළිබඳ අනවශ්‍ය ආන්දෝලනයක් ඇති වූ බව ද වීරවංශ මහතා මෙහිදී පැවසීය.

කොවිඩ් -19 රෝගය යමකුට වැළදෙන්නේ හෝ එමගින් මිය යන්නේ ජාති – කුල – මල ආගම් භේද බලමින් නොවන නිසා එම භේද පෙරට දමමින් එය තම දේශපාලනයට යොදා ගැනීම කවරකු විසින් හෝ නොකළ යුතු බවට ද මෙහිදී වීරවංශ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. කතෝලික ජනතාවගේ ද මෘතදේහ භූමදාන කිරීම බයිබලයෙහි සඳහන් වූවත් එවැනි ඉල්ලීම් මෙම බරපතළ වසංගත තත්වය හමුවේ එම සමාජයෙන් ඉදිරිපත් නොවන බවත් එවැනි විශ්වාසයක් බෞද්ධයන් තුළ පැවතියා නම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙම ලෝක වසංගත තත්වය හමුවේ ඒ වෙනුවෙන් පෙනී නොසිටින බව තමන් විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More