දේශීය පුවත්

රටේම අවධානය කොවිඩ්-19 වෙත යොමුව ඇති අවසරයෙන් ආණ්ඩුව මෙරට වටිනා වනාන්තර හෙක්ටයාර් ලක්ෂ 05 ක් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගැනීමට දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත්කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ඔහු එබව සඳහන් කර ඇත්තේ 12 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.

”රටේම අවධානය යොමුවී තිබෙන්නේ කොවිඩ්-19 වෙතයි. මේ අවසරයෙන් ආණ්ඩුව මෙරට වටිනා වනාන්තර හෙක්ටයාර් ලක්ෂ 05 ක් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගැනීමට දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත්කර තිබේ.

මෙම වනාන්තර අවශේෂ කැලෑ යනුවෙන් හැඳින්වුවද ඒවා ජෛව විවිධත්වය අතින් ඉහළ, අක්කර දහස් ගණනක වනාන්තරවල සිට කුඩා පරිසර පද්ධති දක්වා විහිදේ.

මේවායේ ගංගා, ඇල, දොල, රක්ෂිත මෙන්ම ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක ස්ථානද පිහිටා ඇත.

”රටතුළ වගාකළ හැකි ඉඩම් ප්‍රමාණවත් තරම් තිබියදී මෙවැනි අති දැවැන්ත වනාන්තර විනාශයක් රාජ්‍ය අනුග්‍රහයෙන් කිරීමට ඉඩ ලබාදීම මෑත ඉතිහාසයේ අපේ පරිසරයට සිදුකරන දැවැන්තම විනාශය වනු ඇත. ”

ගොවීන්ට ඉඩම් දෙන්නට මෙම වනාන්තර ඉඩම් යොදාගන්නවා යැයි ආණ්ඩුව කිව්වද මේවා කිසිදිනෙක ගොවීන්ට නොලැබෙන අතර මෙම ඉඩම් ඉදිරියේදී මහා පරිමාණ ව්‍යාපාරිකයින් අතට පත්වනු ඇත.

මෙම දැවැන්ත පරිසර විනාශයට එරෙහි නොවුණහොත් අනිකුත් වනාන්තරද මේ ආණ්ඩුව විසින් මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට ලබාදීම වැලැක්විය නොහැකිය.

මා ව්‍යාපාර දියුණු කිරීමේ වැදගත්කම හොඳින්ම දන්නා අතර මෙවැනි පරිසර හානියක් කරමින් ඒ වෙනුවෙන් උපායමාර්ගයක් සකස් කිරීමේ අමනෝඥ ක්‍රියාව තරයේ හෙළා දකිමි.

වසර 50 කට ආසන්න කාලයක් වැඩුණු මෙම අවශේෂ වනාන්තරවල ඉහළ ජෛව විවිධත්වයක් තිබෙන අතර පසුගිය කාලයේ මියගිය කළු දිවියන් පවා සිටියේ මෙවැනි වනාන්තර වලයි.

කොන්ක්‍රීට් ගොඩනැගිලි, අධිවේගී මාර්ග ඉදිකිරීමෙන් පමණක් රටක් දියුණුකළ නොහැකි අතර රටක සුවදායී අමිල පරිසර පද්ධතිය සුරැකීමද තුලිත සංවර්ධනයට අත්‍යවශ්‍ය වේ. පක්ෂ පාට බේදයෙන් තොරව මෙම මහා පරිසර විනාශයට එරෙහිව පෙළ ගැසෙමු.

”කොන්ක්‍රීට් ගොඩනැගිලි, අධිවේගී මාර්ග ඉදිකිරීමෙන් පමණක් රටක් දියුණුකළ නොහැකි අතර රටක සුවදායී අමිල පරිසර පද්ධතිය සුරැකීමද තුලිත සංවර්ධනයට අත්‍යවශ්‍ය වේ. ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More