දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට බලය හිමි පළාත් පාලන ආයතන තුනකදී ඊයේ (12) අයවැයෙන් පරාජයට පත්විය. ඒ, අම්පාර නගර සභාව, ජා ඇල ප්‍රාදේශීය සභාව සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන තුනෙහිය.

අම්පාර නගර සභාව පොහොට්ටු මන්ත්‍රීවරුන් 9ක්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 4ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 3ක්, ජනතාව විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු සහ ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරයකුගෙන් සමන්විත වන අතර පොහොට්ටු මන්ත්‍රීවරුන් 6 දෙනෙකුම තමන්ගේම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම නිසා එය පරාජයට පත්විය. එජාප මන්ත්‍රීවරුන් 3 දෙනෙකු අයවැයට පක්ෂ වෙද්දී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණු අතර විරුද්ධව ඡන්ද 12ක් සහ පක්ෂව ඡන්ද 6ක් වශයෙන් අම්පාර අයවැය පරාජයට පත්විණි.

මන්ත්‍රීවරුන් 47 දෙනෙකුගෙන් සමන්විත ජා ඇල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරුන් 23 දෙනෙකු අතරින් සිව් දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම නිසා එය ද පරාජයට පත්වී තිබිණි. එහිදී අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 18ක් පමණක් වන අතර විරුද්ධව 24ක් ලැබී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැවැන්තම පරාජය ලබා තිබුණේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැයෙනි. මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත එම සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කර තිබුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පමණි.

තමන්ට බලය හිමි ප්‍රාදේශීය සභා, නගරසභාවල මේ ආකාරයෙන් සංඛ්‍යාත්මකව විශාල අගයන්ගෙන් අයවැය පරාජයට පත්වීම යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බිම්මට්ටමෙන් දැල්වෙන රතු එළියක් ලෙස හඳුනාගත හැකිය. ආණ්ඩු ප්‍රබලයින් මාධ්‍ය හරහා මොනවා කීව ද ගම්මට්ටමේදී අතෘප්තිය පැතිර යන ආකාරය මින් පෙන්නුම් කෙරේ. ආණ්ඩුව බලයට පත්ව වසරක් ගතවීමටත් තව සතියක කාලයක් තිබියදී මෙවන් තත්වයක් උද්ගත වීම යනු ආණ්ඩුවේ බලධාරීන් තම ගමන දෙස වහාම ආපසු හැරී බැලිය යුතු බව දැඩිව අවධාරණය කරන්නකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More