දේශීය පුවත්

මුස්ලිම් භක්තිකයකු වූ අලි සබ්රි මහතා අධිකරණ ඇමැති වූ පළියට සෞඛ්‍ය නීති රීති ඇතුළුව රටේ නීති වෙනස් කිරීමට ඉඩ ලබා දිය නොහැකි යැයි දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

එහෙයින් කොරෝනා රෝගය නිසා මියැදෙන කිසිදු පුද්ගලයකුගේ මෘතදේහයක් භූමදානය නොකළ යුතු බව ද උන්වහන්සේ කීහ.

එම රෝගය හේතුවෙන් මියයන මුස්ලිම් ජනතාවගේ දේහයන් භූමදානය කිරීමට ගෙන ඇති තීරණයට දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණ බලවත් විරෝධය පළ කරන බව සඳහන් කළ බෙංගමුවේ නාලක හිමියෝ මුළු රටේම ජනතාවගේ ආරක්ෂාව පතා රජය නිවැරදිම තීන්දුව මෙහිදී ගත යුතු බව අවධාරණය කළහ.

ස්වකීය මෘතදේහ භූමදානය කිරීම මුස්ලිම් ආගමික සිරිතක් වුවද, කොරෝනා වැනි භයානක විෂබීජයක් ශරීරගතව මියගිය විට එම මෘතදේහයන් භූමදානය නොකර ආදාහනය කිරීමට තරම් මුස්ලිම් ආගමික නායකයන් නම්‍යශීලී විය යුතු බව උන්වහන්සේ පැවසූහ.

ජල උල්පත් සහිත, ළිං ජලය බහුලව පරිභෝජනය කරන අප වැනි රටක මෙවැනි මළ සිරුරු භූමදානය කිරීමෙන් ජලය හරහා එම විෂබීජ විශාල ලෙස පැතිර යෑමේ අනතුර ඉහළ බව ද බෙංගමුවේ නාලක හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

සිරිමන්ත රත්නසේකර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More