දේශීය පුවත්

බොරැල්ල පොලිසියෙන් කොවිඩ් ආසාදිතයන් හමුවීමත් සමග නිල නිවෙස්වල නිරෝධායනට ලක්කළ පොලිස් පිරිසක් ගෙවල් වසා දමා ගම්බිම්වලට යාම සම්බන්ධව පරීක්ෂණයක් අරඹා ඇත.

මෙම නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා නිල නිවාස යළි පවරා ගන්නා ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න නියෝග කර තිබේ.

බොරැල්ල පොලිසියෙන් වැඩිම ආශ්‍රිතයන් පිරිසක් වාර්තාවීමත් සමග ඒ අසලම පිහිටි පොලිස් නිල නිවාසයද නිරෝධායනයට යොමු කරන ලදී.

නිරෝධායනයට ලක් කළ නිවාසවලට වියළි සලාක මලු බෙදාදීමට යාමේදී නිවාස හතක් වසා දමා තිබීමෙන් මේ බව හෙළිව ඇත.

‌​ෙම් අතර බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් ආසාදිතයන් බවට පත් වූ හේතු සොයා පොලිස් බුද්ධි අංශ විමර්ශනයක් අරඹා ඇත. පොලිස්පති යටතේ ඇති පොලිස් විශේෂ කාර්යාංශය යොදවා මෙම විමර්ශනය අරඹා තිබේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට මසුන් ගැනීමට ගිය පොලිස් මුළුතැන්ගෙවල්වල සේවය කළ අයට කොවිඩ් වැලඳීමෙන් එය පොලිසියට ව්‍යාප්ත වූ බව මුලදී අනාවරණය විය.

කෙසේ වෙතත් මුළුතැන්ගෙයක් නොමැති තානාපති අංශයේ රාජකාරිවල නිරත තිදෙනකුට ද කොවිඩ් වැලඳී තිබුණි.

ඊයේ (12 වැනිදා) උදෑසන වන විට පොලිස් පොකුරේ ආසාදිතයන් 639ක් වාර්තා වූ අතර 3740ක් නිරෝධායනයට යොමුකර ​ඇත. බොරැල්ල හා කොටුව පොලිස් ස්ථානවලින් වැඩිම රෝගීන් වාර්තා විය. බස්නාහිර පළාතේ පොලිස් පොකුර පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහායට නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර පත් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More