ක්‍රීඩා පුවත්

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස්‌ මත සකස්‌ කරන ලද නව ක්‍රිකට්‌ සැලැස්‌ම ක්‍රියාවට නැංවීමට බාලගිරිදෝෂය නමැති රෝගය වැළඳී ඇතැයි ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයේ කතාබහට ලක්‌ව තිබේ. ක්‍රීඩා ඇමැතිවරයාගේ වත්මන් දේශපාලන තීන්දුවද ඊට ප්‍රධාන සාධකයක්‌ වී තිබේ.

එක්‌සත් ජාතික පක්‍ෂය සමග ආණ්‌ඩු කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සූදානම් නොමැති වීමෙන් ඉදිරියේදී නව ක්‍රීඩා ඇමැතිවරයකු පත්කිරීමට නියමිතව තිබේ. ඒ අනුව වත්මන් ක්‍රීඩා ඇමැතිවරයාගේ ඉවත්වීමෙන් පසුව ක්‍රිකට්‌ සැලැස්‌ම ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම රඳා පවතින්නේ නව ක්‍රීඩා ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය අනුව වේ.

නව ක්‍රිකට්‌ සැලැස්‌ම සකස්‌ කිරීම සඳහා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස්‌ පරිදි හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක්‌ මීට මාස හයකට පමණ ඉහතදී පත්කරන ලදී. එම කමිටුවේ සාමාජිකයන් වශයෙන් හිටපු ක්‍රිකට්‌ නායකයන් වන අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාර යන ක්‍රීඩකයන් සමන්විත විය.

අදාළ ක්‍රිකට්‌ සැලැස්‌ම කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් අදාළ කමිටුව විසින් සකස්‌ කර ක්‍රීඩා ඇමැතිවරයාට භාරදී තිබුණද ක්‍රීඩා ඇමැතිවරයාගේ හදිසි දේශපාලන තීන්දුවත් සමග එම සැලැස්‌ම ‘කොට උඩ’ පවතින තත්ත්වයක්‌ නිර්මාණය වී තිබේ. ඒ අනූව ලබන මැයි මස පැවැත්වීමට නියමිත ක්‍රිකට්‌ නිලවරණය පරණ ක්‍රමයටම පැවැත්වීමට නියමිත අතර එහිදී ඡන්ද සංඛ්‍යාව 140-150 අතර ප්‍රමාණයක්‌ වනු ඇත.

නව ක්‍රිකට්‌ සැලැස්‌ම අනුව ක්‍රීඩා සංගම්වල ඡන්ද සංඛ්‍යාව 70 – 80 අතර ප්‍රමාණයකට ලඝූ කර ඇති අතර පළාත් සංගම්වලට බලතල බෙදී යන පරිදි එම සැලැස්‌මේ කරුණු ඇතුළත්ව තිබේ. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයාගේ අදහස්‌ විමසීමටඋත්සහ කළද එය ව්‍යර්ථ විය. කෙසේ වෙතත් මීට පෙර ‘දිවයින’ ට ක්‍රීඩා ඇමැතිවරයා පවසා සිටියේ, ‘මේ සැලැස්‌ම මම කියෙව්වා. ඒක ක්‍රියාත්මක කරන්න අපි හැමෝම එක මේසයක වාඩිවෙලා කතා කරන්න ඕන. සංගක්‌කාරලා සහ මහේලලා ලංකාවේ හැම තිස්‌සෙම හිටියෙ නැහැ. ඒ කමිටුවේ අය සහ ක්‍රිකට්‌ සභාපති, ලේකම් ඇතුළු කට්‌ටිය සමග එක මේසයක වාඩිවෙලා සාකච්ඡා කරලා මම මේ යෝජනා ක්‍රියාත්මක කරනවා.’ යනුවෙනි.

අදාළ සැලැස්‌ම සැකසූ කමිටුවේ ප්‍රබල සාමාජිකයන් වන කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධන දෙදෙනා එම සැලැස්‌ම සකස්‌ කිරීමට පෙර පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉදිරියට යැමට නම් අදාළ සැලැස්‌ම ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් යළි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙනුවෙන් කිසිදු සේවාවක්‌ නොකරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More