ඇමරිකානු සිටි බැන්කුවේ ප්‍රධාන විධායක නිළධාරීන් දෙදෙනෙකු වන David Bailin සහ Steven Wieting පවසන පරිදි ඇමරිකානු ඩොළරය ඉදිරියේ දී තවතවත් අවප්‍රමාණය වීමට නියමිතය.
එමෙන්ම දැනට රජයෙන් දෙන සහනාධාර ද ඉදිරියේදී තවතවත් කප්පාදු කිරීමට සිදු වන බව ද ඔවුන් පවසයි.
විශ්ලේෂකයින් පවසන පරිදි බයිඩ්න්ගේ විදේශ ප්‍රතිපත්තිය “සම්බාධක තර්ජනයෙන්” තොර ලිහිල් එකක් වීම ද ඩොළරය පහත වැටීමට බළපායි. ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය ගෝලීය වෙළඳාම දිරිමත් කරන එකක් වනු ඇති අතර ඉන් වඩා වාසි ලබාගන්නේ විශේෂයෙන්ම නැගීගෙන එන ආර්ථිකයන් ඇති ආසියාතික රටවල්ය.
මේ පිළිබඳව පෙරනිමිති දැනටමත් පළ වී ඇති අතර පසුගිය අගහරුවාදා වන විට මාස 28ක් තුළ ඉහලම අගය පෙන්වමින් ඇමරිකානු ඩොළරයක් සඳහා යුවාන් 6.61ක් ලෙස ද පසුගිය මාස 08ක් තුළ ඉහලම අගය ලෙස 103.8ක් ලෙස ජපන් යෙන් අගය ද වැඩිවී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...