ගාල්ල කරන්දෙණිය, ඇරවාවිල, වීනවල ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ මව, පියා සහ වයස
අවුරුදු 7ක් වන දරුවාටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඔවුන් මීට පෙර මත්ස්‍ය වෙළෙඳාමට සමබන්ධ ගාල්ල උඩුගම ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට ගොස් තිබුණි.
ආසාදිතයින් හම්බන්තොට සහ කඹුරුගමුව යන රෝහල් වෙත යොමු කෙරුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක, යූ.කේ.ඩී. ලසන්ත මහතා,
“ඔවුන් තිදෙනා කඹුරුපිටිය හා හම්බන්තොට රෝහල්වෙත යොමුකරා. මේ වන විට ආශ්‍රිතයින් නිරෝධායනයට ලක්කර තියෙනවා. තල්ගස්වල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුගේ ගෙදර 20 වන දින ගතකරලා තියෙනවා. ඊට පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණය අනුව තමයි ඔවුන් ආසාදිතයින් බවට තහවුරු වෙලා තියෙන්නේ. ආසාදිතයින් අතර වයස අවුරුදු 7ක දරුවෙක් හා ඒ අඹු සැමි යුවළ වෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...