ප‍්‍රධාන පුවත්

මියන්මාරයේ අවුරුදු 50කට ආසන්න කාළයක් තිබූ මිලිටරි පාලනය 2011 වසරේ අවසන් වීමෙන් පසු 2020 නොවැම්බර් 08 වන ඉරිදා පැවැත්වූ දෙවන මැතිවරණයෙන් ද එහි දැනට පාළනය හොබවන නොබෙල් සම්මාන ලාභී අවුන් සාන් සුකී ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ 2015දී මෙන්ම අති විෂිශ්ඨ ජයක් ලබමින් සිටින බව වාර්තාවේ.

එම පක්ෂයේ ප්‍රකාශක Myo Nyunt රොයිටර් ප්‍රවුර්ති සේවයට පවසා සිටින්නේ 2015 වසරේ ලබාගත් ආසන 390 අභිබවා යන ජයග්‍රහණයක් ඔවුන් මෙවර බළාපොරොත්තු වන බවයි.

රජයක් පිහිටුවීමට අවශ්ය ආසන 322 අභිබවා යන මෙම ජයග්‍රහණය රටේ ජනතාවට මෙන්ම පක්ෂයට ද විශාල දිරිමත් කිරීමක් සපයනු ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

මියන්මාරයේ පහළ මන්ත්‍රණ සභාව ආසන 425කින් සමන්විත වන අතර ඉහළ මන්ත්‍රණ සභාව ආසන 217කින් සමන්විත වේ.

මිලිටරි පාලකයින්ගේ අනුග්‍රහය ලබන ප්‍රධාන ප්‍රතිවාදී  USDP පක්ෂයේ ප්‍රකාශකයෙකු සම්බන්ධ කර ගැනිමට රොයිටර් පුත් සේවය දරණ ලද ප්‍රයත්නය සාර්ථක වී නොමැත.

කෙසේ වූවද එරට ව්යවස්ථාව අනුව එම පක්ෂයට 25%ක නියෝජනයක් ව්යවස්ථාධායකය තුල ලබාදිය යුතු වන අතර එම ආණ්ඩු ක්‍රම ව්යවස්ථාව වෙනස් කිරීමේ දැඩි අවශ්යතාවයක් සුකීට ඇත.

යුරෝපා සන්ගමය සහ මහා බ්‍රිතාන්යය මෙම මැතිවරණ ජයග්‍රහණය පිළිබදව තම ප්‍රශන්සාව පළ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More