දේශීය පුවත්

ක්‍රෙම්ලින් මාධ්යය ප්‍රකාශක Dmitry Peskov ප්‍රවුර්ති වාර්ථාකරුවන් අමතා ප්‍රකාශ කර සිටින්නේ; මේ පිළිබඳ ඇමරිකාවේ අධිකරණ ක්‍රියාවලිය අවසන්වී මැතිවරණයේ ජයග්‍රාහකයා නිළ වශයෙන් ප්‍රකාශ කරන තෙක්, ඇමරිකාවේ ජනාධිපති මැතිවරණයේ ජයග්‍රාහකයාට සුභ පැතීමට රුසියානු ජනාධිපති පුටින් කළබල නොවන බවයි.
ඇමරිකා එක්සත් ජනපද ජන මාධ්යය ජෝ බයිඩ්න් ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කර ඇති තත්වයක් යටතේ; අනෙකුත් රාජ්ය නායකයින් මෙන්, පුටින් ජෝ බයිඩ්න්ට සුභ පතන්නේ නැත්තේ ඇයි? යන පැණයට පිළිතුරු ලෙස ඔහු මෙසේ ප්‍රකාශ කර සිටියේය.

2016 පැවති ඇමරිකා ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන් පරාජය භාර ගැනීමත් සමග ජයග්‍රාහකයා නිරවුල්ව පැහැදිළි වූ හෙයින් ජයග්‍රාහක ට්‍රම්ප්ට සුභ පැතීමට රුසියාව පියවර ගත් බව ඔහු පවසා සිටියේය. නමුත් මෙවර ට්‍රම්ප් අධිකරණ ක්‍රියාවළියකට යොමු වී ඇති අතර ජයග්‍රාහකයා තවමත් නිළ වශයෙන් ප්‍රකාශ කර නොමැති තත්වයක් යටතේ ඒ සඳහා රුසියාව ඉක්මන් නොවන බව ඔහු පවසයි. Peskov වැඩිදුරටත් පවසා සිටින්නේ කවුරුන් ජයග්‍රාහකයා වූවද ඔහු සමඟ නිළ වශයෙන් කටයුතු කිරීමට රුසියානු ජනාධිපති පුටින් පියවර ගනු ඇති බවයි.

ඒ අතර චීනයේ විදේශ අමාත්යාන්ශය නිවේදනයක් නිකුත් කරමින් චීනය ඇමරිකාවේ නීතියට ගරු කරන බවත් ඇමරිකාව නිළ වශයෙන් ජනාධිපතිවරයා නම් කිරීමෙන් අනතුරුව චීනය ඔහුට සුභ පතන බවත් ප්‍රකාශ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More