කොළඹ නගර සභා සීමාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පැවතීම හේතුවෙන් එම නගර සභා සීමාව තුළ සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව මේ වන විට පස් ගුණයකින් වැඩි කර ඇති බව කොළඹ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පැවසීය.
කොල්ලූපිටිය, බොරැල්ල, කොටුව ඇතුළු කොළඹ නගරයේ ප‍්‍රදේශ රැසකින්ම දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිවීම මත මෙම පියවර ගත් බව ඔහු කීවේය. මෙහිදී අවදානම් කණ්ඩායම් සම්බන්ධයෙන් මෙන්ම අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් සඳහා ද මෙම පරීක්ෂණ සිදු කෙරේ.
කොළඹ නගරයේ කොරෝනා වෛරසයේ ශීඝ‍්‍ර පැතිරීමක් දක්නට ඇතත් ජනගහනයෙන් කෙතරම් ප‍්‍රතිශතයකට වෛරසය ආසාදනය වී තිබේදැයි නිශ්චිතවම පැවසිය නොහැකි බව වෛද්‍ය විජේමුණි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...