තනතුරුවලින් ඉල්ලා අස්වූ ඇමැතිවරුන් කිහිපදෙනකු දැරූ තනතුරු සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ ඉකුත් 12දා තාවකාලික ඇමැති තනතුරු භාරගෙන කළ දිවුරුම් දීම පෙරේදා (17දා) වනතුරු ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර නොමැත.
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයා වශයෙන් ආචාර්ය සරත් අමුණුගම, ආපදා කළමනාකරණ ඇමැතිවරයා වශයෙන් රංජිත් සියඹලාපිටිය, සමාජ සවිබල ගැන්වීම හා කන්ද උඩරට උරුමය හා කම්කරු වෘත්තීය සබ¼දතා ඇමැති වශයෙන් මලික් සමරවික්‍රම සහ ක්‍රීඩා ඇමැති වශයෙන් ෆයිසර් මුස්තාපා යන මහත්වරු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී පත්වීම් ලිපි ලබාගත්හ.
ආචාර්ය සරත් අමුණුගම, මලික් සමරවික්‍රම, රංජිත් සියඹලාපිටිය යන ඇමැතිවරුන් නව අමාත්‍යාංශවලට ගොස් වැඩ භාරගත් අතර, ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා අද (19දා) සවස ක්‍රීඩා අමාත්‍යාංශයට ගොස් වැඩ භාර ගැනීමට නියමිතය.
ඇමැති ධුරයක දිවුරුම් දීමෙන් පසු, එම ඇමැතිවරයා නමින් අදාළ අමාත්‍යාංශය හෝ අමාත්‍යාංශ ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන තෙක්, ඔවුන් විසින් සිදු කරනු ලබන කිසිදු රාජකාරිමය කටයුත්තක් නීත්‍යනුකූල නොවන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
මෙම තත්ත්වය යටතේ එම ඇමැතිවරුන් තනතුරුවල වැඩ භාර ගැනීමද නීත්‍යනුකූල නොවන බව ඔවුහු පෙන්වා දෙති.
පාර්ලිමේන්තුවේ මීට අදාළ අංශයක ප්‍රකාශකයකුගෙන් කළ විමසීමේදී, ඔහු සඳහන් කළේ මෙම තනතුරු සම්බන්ධයෙන් මේ වන තුරු පාර්ලිමේන්තුවට දැනුම්දීමක් කර නොමැති බවත්, විධිමත් පත්වීමක් සිදුකර ඇත්නම්, එය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කළ යුතුව ඇති බවත්ය. විධිමත් පත්වීමක් සිදුකර ඇත්නම් එම තනතුරු පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙහි ඇතුළත් විය යුතු බවත් ඔහු පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...