මුහුදු ජලය ගොඩ ගැලීම නිසා යාපනයේ කොලූම්පුතුරෙයි නාගදීපය, වේලනෙයි හා කුරීකඞ්ඩුවාන් යන ප‍්‍රදේශවල වැසියෝ පෙරේදා (10 දා) සිට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති.
කොලූම්පුතුරෙයි ඇතුළු ගම්මාන කීපයක නිවාස මුහුදු ජලයෙන් යට වී ඔවුන්ට නිවෙස් තුළ ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති අතර යාපනයේ පවුල් 57 කට අයත් පුද්ගලයෝ 172 ක් මේ වන විට එම තත්ත්වයට මුහුණ පා සිටිති.
යාපනයේ නාගදීපය ඇතුළු ප‍්‍රදේශ කීපයක මුහුදු ජල මට්ටම ඉහළ ගොස් පිටාර ගලන ජලය මාර්ගවලට එක්වීම නිසා ගමනාගමන කටයුතුවලට බාධාවන් එල්ල වී තිබේ. යාපනය කූරිකඞ්ඩුවාන් මාර්ගයේ ස්ථාන කීපයක්ද මුහුදු ජලයෙන් යට වී තිබේ. දින දෙකක් මේ ප‍්‍රදේශයට ඇද හැලූණු වර්ෂාව නිසා මේ තත්ත්වය උදා වී ඇති අතර මුහුදු ජලයෙන් නිවාස යට වූ පිරිස වෙනත් තාවකාලික ස්ථානවලට පැමිණ තිබේ.
දිනසේන රතුගමගේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...