දේශීය පුවත්

බදු සහන වංචා කරමින් සීනිවලට ලබාදුන් රු. 55 ක බදු සහනය මහජනයාට ලබා නොදී ආනයනකරුවන් විසින් වැඩි මිලට සීනි විකුණන බැවින් එය පාලනය කිරීම සඳහා මිල පාලනයක් පනවන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

සීනි ආනයනකරුවන්ට ලබාදුන් බදු සහනය නිසා සමාගම් 7 ක් විසින් උපයාගත් ලාභය රු. මිලියන 1470 ක් බවද වාර්තා විය.

මෙම බදු සහනය තමාට ලැබෙන බව ආනයනකරුවන් කලින් දැන සිටි බැවින් සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 38 ක් වටිනා සීනි ආනයනය කොට ඇති බව සහ එම ප්‍රමාණය 2019 ට වඩා 134% ක වැඩිවීමක් බව ආයතන වාර්තා පිරික්සීමේදී පෙනී යයි.

දැන් පමා වී පැනවූ සීනි මිල පාලනය අනුව පැකට් නොකළ සීනි කි.ග්‍රෑම් 1 ක් රු. 85 ක් වන විට පැකට් කළ සීනි කි.ග්‍රෑම් 1 ක් රු. 90 ක් වේ.

සහල් කර්මාන්තකරුවන්ට පැකට් කිරීම සඳහා කි.ග්‍රැම් 1 කට රු. 1 ලබාදීම මහා ජාතික අපරාධයක් ලෙස සලකන පාරිභෝගික අධිකාරිය සීනි පැකට් කිරීම සඳ හා කි.ග්‍රෑම් 1 කට රු. 5 ක් දෙන ආකාරය පුදුම සහගත බව වෙළෙන්දෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More