ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනා මැයි 08 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමත් සමග මැතිසබයේ රතුපලස මතින් ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට ගොස් විපක්ෂයේ අසුන් ගැනීමට ක්‍රියාකරන බව හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා ප්‍රකාශ කළේය.
විපක්ෂයේ තම කණ්ඩායමට අසුන් වෙන් කිරීම පිළිබදව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දුන් බවත් ඊට අදාළ කටයුතු මේ වන විට දිනේෂ් ගුණවර්ධන මහතා විසුන් සිදුකරගෙන යන බවත් ටී. බී. ඒකනායක මහතා පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගැනීමෙන් අනතුරුව ඉදිරි දේශපාලන කටයුතු පිළිබදව මෙම16 දෙනාගෙන් කිහිපදෙනෙකුම එදින පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කිරීමට සුදානමින් සිටින බවද වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා සදහන් කළේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...