විදේශ පුවත්

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිනොගන්නා බව සහ ඒ නිසා පත් වූ ජනපති බයිඩන්ට සුහදව බලය ලබාදීමට තමා තුළ කැමැත්තක් නැති බව වර්තමාන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ අතර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එල්ල කරන මැතිවරණ දූෂණ චෝදනා පිළිබඳව විභාග කිරීම සඳහා නීතිපති ජෙනරාල්වරයා විසින් අධිකරණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවට ද වාර්තා වේ.

එසේම රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කොට ඇත්තේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන් ඇතුළු කණ්ඩායමට රජයේ නිලධාරීන් සහයෝගය නොදිය යුතු බවය.

තත්වය එසේ තිබියදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තම බලතල භාවිතාකොට ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් තනතුරින් පහකොට වෙනත් නිලධාරියෙකු පත්කිරීමට ද ක්‍රියා කොට ඇත.

චීනය සහ රුසියාව බයිඩන්ට සුභ පැතීමට ඉක්මන් නොවිය යුතු බවට තීරණය කිරීමද විශේෂ තත්වයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More