දේශීය පුවත්

කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහ පිළිබඳ අවසන් කටයුතු සෞඛ්‍ය උපදෙස්වලට අනුව පමණක් සිදුකළ යුතු බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පවසති.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ ජාති, ආගම් අනුව අවසන් කටයුතු සිදුනොකළ යුතු බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,

“මේ දිනවල කොවිඩ් -19 වසංගතය නිසා මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීම පිළිබඳව යළිත් රටේ අර්බුදයක් නිර්මාණය වී තිබෙන බව පේනවා. මේ වසංගතය ව්‍යාප්ත වීමේ දී අපි දන්නවා කිසිදු ජාතිහේදයක්, ආගම්භේදයක් නැතුව මුස්ලිම් ද දෙමළ ද සිංහල ද කතෝලික ද නැතුව කිසිදු වර්ගීකරණයකින් තොරවයි මේ වසංගතය ව්‍යාප්ත වෙන්නේ. එමෙන්ම මේ වෛරසය වැළඳී මියයන අය තුළත් එවැනි කිසිදු වර්ගීකරණයක් නෑ. එවැනි පසුබිමක් තුළ කෙනෙක් මිය ගියාට පසුව ඒ මෘතදේහය ආදාහනය කරනවා ද භූමදානය කරනවා ද කියන කාර්ය අදාළ වන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ නියමයන් අනුව තීරණ ගැනීමට. බෞද්ධයන් හැටියට අපටත් පැහැදිලිවම ප්‍රශ්න තියෙනවා. මොකද අඩුම තරමේ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍රවත් ඉටුකර ගන්න අවස්ථාවක් නෑ. එසේ වුවත් අපි ඒ නීතයට අවනතයි. මොකද මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක අපි දන්නවා මේ අවස්ථාවේ එවැනි චාරිත්‍ර ඉටුකරන්න පුළුවන් වෙලාවක් නොවෙයි. එවැනි පසුබිමක් තුළ විශේෂයෙන්ම ආගම්වාදී, ජාතිවාදී උන්මන්තකයින්ගේ යම් යම් බලපෑම්වලට නතුවෙලා වැඩකරනවාට වඩා රජයක් හැටියට මේ වෙලාවේ කළයුතුව ඇත්තේ, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි වඩාත් ආරක්ෂාකාරීව මේ ක්‍රමය සිදුකිරීම බවයි අපගේ මතය.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More