කෝවිඩ් වසංගතයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිසුරු භූමිදානයට අවසර අරගෙන දෙන බවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි තමාට පොරොන්දු වූ බව සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් ආර්. අබ්දුල් රාසික් මහතා ප්‍රකාශ කරයි.
පුවත් පතකට ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කොට ඇත්තේ එසේ මළ සිරුරු භූමි දානය කිරීම සඳහා අවසර ලබා දෙන්න ජනාධිපතිතුමා කැමැත්ත ප්‍රකාශ කළ බව අමාත්‍ය අලි සබ්රි මහතා තමාට දැනුම් දුන් බවය.
අමාත්‍ය මණ්ඩලයේදී ඒ පිළිබඳව සාකච්ඡා කළ බවත් තාක්ෂණික කමිටුවේ තීන්දුව ලබාගෙන හැකි ඉක්මණින් එය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කරන බවට ද අමාත්‍ය අලි සබ්රි මහතා තමාට පොරොන්දු වූ බව අබ්දුල් රාසික් මහතා සඳහන් කොට ඇත.
ඹිට පෙර ඔහු විසින් ජනාධිපතිවරයාට ස්තූතිය පළකොට ලිපියක් පුව්පත් වලට නිකුත් කොට ඇත්තේ අමාත්‍ය අලි සබ්රි මහතාගේ පොරොන්දුව අනුව බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...