දේශීය පුවත්

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ පිළිස්සීම ද නැත්නම් වැළලීමද යන ප්‍රශ්නය මත වහබ්වාදී කල්ලි දරුණු ආකාරයට සමාජයට කිදා බසින බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (10) කොළඹදී පවතී මාධ්‍ය හමුවකදීය.

එහෙයින් ආගමික බලපෑම්වලටයට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව ජනතාවට පවසන ලෙසයි ඥානසාර හිමියන් අවධාරණය කළේ.

”කරුණාකරලා ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය හරියට කියන්න. මේක හරියට පහදලා මිනිස්සුන්ට තේරෙන සිංහලෙන් කියන්න. සිංහල තේරෙන්නේ නැහැ කිව්වොත් දෙමළෙන් කියන්න. එක්කෝ මේක ආගමික රාජ්‍යයක් වෙන්න ඕනේ එක්කෝ මේක හමුදා රාජ්‍යයක් වෙන්න ඕනේ. මේ ඔක්කොම පටලගෙන මිනිස්සු යම් ටෙන්ෂන් එකක ඉන්නේ දැන්. අපි අපේ අයිතිවසිකමත් ඉල්ලලා, පාංශුකූලය දෙන්න ඕන කිව්වොත් කොච්චර අපහසුතාවට පත්වෙයිද? අපි එතනට යන්නේ නැහැ. රජය තීන්දුවක් ගත්තනම් එක හරියට මිනිස්සුන්ට ගෙනයන්න ඕනේ. එහෙම වැඩපිළිවෙලක් නැහැ.”

අවසානයේ සිදුවන්නේ මෙම මරණ පාදක කරගෙන වහබ්වාදී මතවාදය පෝෂණය වීම වන අතර කිසිලෙසකින් හෝ රට තුළ ඉස්ලාම් අන්තවාදය පෝෂණය වීමට ඉඩ දීමට වත්මන් ආණඩුවට හැකියාවක් නොමැති බවයි උන්වහන්සේ කියා සිටියේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More